එක්ලක්‍ෂ විසිතුන්දහසක ඩීසල් එස්.ටී.එෆ්. දැලේ

342

නිවසක් තුළ නීති විරෝධී අයුරින් ඩීසල් තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26 වැනිදා) පූගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
පූගොඩ පොලිස් වසමේ අමුහේන, පැපිලියවල ප්‍රදේශයේදී ඊයේ විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම ඩීසල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී සිය නිවස තුළ සඟවා තිබූ රු. එක්ලක්ෂ විසිතුන්දහස් දෙසීය අසූවක් පමණ වටිනා ඩීසල් ලීටර් 268 ක් සමග එම නිවෙස් හිමියා විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment