එන්නත් නොගත් අයට සහ එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයෙන් දැඩි බලපෑම්- ආචාර්ය චන්දිම ජීවන්දර

295

මෙතෙක් කොවිඞ් එන්නත ලබානොගත් සහ එක් කොවිඞ් එන්නත් මාත‍්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ඇති ‘‘ඩෙල්ටා’ කොවිඞ් ප‍්‍රභේදයෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි නිසා වහාම කොවිඞ් එන්නත් මාත‍්‍රාව ලබාගන්නා ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තීන් හා ෙසෙල ජෛව පිළිබඳ අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඊයේ (4දා) සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වැඩි පිරිසකට කොවිඞ් එන්නත් ලබාදෙන තෙක් වෛරස ව්‍යාප්තිය අවම කිරීමට පියවර ගත යුතු බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් ‘දිවයින’ ට අදහස් දැක්වූ ආචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මෙසේද කීය.

ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය නිසා හැමදෙනාටම කියන්නේ කොවිඞ් එන්නත අනිවාර්යයෙන්ම ලබාගන්න කියලයි. එන්නත් දෙකම මේ වෙනකම් ලබාගෙන නැත්නම් හැකි ඉක්මණින්ම කොවිඞ් එන්නත ලබාදෙන තැනකට ගිහින් එන්නත් ලබාගන්න. එක එන්නතක් ලබාගෙන තියෙන අයටත් ඩෙල්ටා ප‍්‍රභේදයේ බලපෑම ඇතිවෙන්න පුළුවන් නිසා දෙවැනි එන්නත් මාත‍්‍රාවත් ලබාගත යුතු කාලය හරිනම් ගිහින් ලබාගන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment