එල්.ඕ.එල්.සී. ඩිවලොප්මන්ට් කොටස් මිල ඊයේත් කඩාවටේ

154

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 එල්. ඕ.එල්.සී. ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටස් මිල ඊයේ (02 දා* දිනයේදී සියයට 11.87 කින් තවදුරටත් පහත වැටී ඇත.
 
 මේ අනුව පෙරේදා (01 දා* දිනයේ රු. 524.50 ක අගයක පැවති එම සමාගමේ කොටස් මිල ඊයේ දිනයේදී රු. 462.25 දක්වා පහත වැටී තිබේ.
 
 පසුගිය දිනවල විශාල වශයෙන් ඉහළ ගිය මෙම සමාගමේ කොටස් මිල ගණන්වල හැසිරීම ගැන කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසමේද අවධානයට යොමුව ඇත.
 
 මේ පහත වැටීම ඊයේ දිනයේද කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකයට අහිතකර බලපෑමක් ඇති කළ බව ද එසේ නොවුණා නම් ඊයේ දිනයේදී කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකයේ අගය වාර්තා වූ අගයට වඩා වැඩියෙන් නිරූපණය වීමට තිබුණු බව ද කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
 
 මේ සමාගමේ කොටස් මිලේ අසාමාන්‍ය හැසිරීමට හේතු වී ඇත්තේ එහි කොටස් හිමි ඉතා සුළු ආයෝජකයන් පිරිසකගේ ක‍්‍රියාකලාපය බව ද මේ නිසා කොටස් වෙළෙඳපොළේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව නිවැරදි චිත‍්‍රයක් නිරූපණය නොවන තත්ත්වයක් ඇතිව ඇති බව ද සඳහන් කරන කොළඹ කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසනුයේ මේ තත්ත්වයන් නිවැරදි කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ඉතා ඉක්මණින් පියවර ගත යුතුව ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment