ඕස්ට්‍රේලියා ගිය 23ක් ආපසු එවයි

180

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින්’ ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් එතැන් සිට අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මොවුන් ඉකුත් මැයි මස 27 දින වෙන්නප්පුව කොස්වාඩිය ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන් 23 දෙනා අතරින් එක් අයෙකු කාන්තාවක් වන අතර , මොවුන් මීගමුව , කොස්වාඩිය සහ මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment