කඩය පුළුස්සා දඩය ගෙවා පැමිණි මස්සිනා නෑනාට පිහියෙන් කොටලා

331

නෑනා රෝහලේ මස්සිනා කූඩුවේ

පදියතලාව පොලිස් වසමට අයත් සේරන්කඩ පුළුන්ගස්මුල්ල විලතලාව ප්‍රදේශයේ දී පෙරේදා (20 දා) සවස 5.45ට පමණ මස්සිනා විසින් නෑනාට පිහියෙන් කොටා සැකකාර මස්සිනා මන්නා පිහියත් සමග පොලිසියට භාර වී ඇතැයි පදියතලාව පොලිසිය පවසයි.

තම සහෝදරයාගේ බිරිඳත් සමග මෙම 26 හැවිරිදි තරුණයා කාලයක් තිස්සේ ආරවුලකින් පසුවී ඇත. මීට මාසයකට පමණ පෙර මෙම 47 හැවිරිදි නෑනාගේ වෙළෙඳ සැලට ගිනි තබා අලාභහානි සිදු කිරීම නිසා දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවක් අවසානයේ පෙරේදා (20 දා) දහවල් රුපියල් 15,000 ක දඩයක් ගෙවීමට අධිකරණය නියෝග කළේය. එය ගෙවා පැමිණ හවස මෙලෙස නෑනාට පිහියෙන් පහරදී හිසට බරපතළ තුවාල සිදුකර ඇත. කාන්තාව මහඔය රෝහලටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලටත් මාරුකර යවා ඇත.

පහරදීම සිදුකළ මන්නා පිහියත් සමග පොලිසියට භාර වූ 26 හැවිරිදි තරුණයා ඊයේ (21 දා) දහවල් දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පදියතලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. රොෂාන් එස්. බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වයි.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment