කතරගම ප‍්‍රා. ස. සභාපතිට  එරෙහිව යළිත් නඩු

128

කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගනට එරෙහිව එම සභාවේ උප සභාපති ඇතු`ඵ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ (02 දින) යළි මොණරාගල මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.

මීට පෙර සභාපතිවරයාට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩුවක් පැවැති අතර එහිදී සභාපතිවරයාගේ සභාපති ධුරය අත්හිටවා හම්බන්තොට මහාධිකරණය මගින් වාරණ නියෝගයක් පනවා තිබූ අතර, පනවා තිබු එම වාරණ නියෝගය එම අධිකරණය මගින් පසුගිය 28 දින ඉවත් ඉවත් කෙරිණි. ඒ අනුව කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තනතුර යළි හිමි විය.

කතරගම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ප‍්‍රධාන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් සභාපතිවරයාට එරෙහිව හම්බන්තොට මහාධිකරණයෙහි පනවා තිබු නඩුවෙහි නඩු විභාගය යළි 28 දින කැඳවා තිබුණි.

එහිදී සභාපතිවරයාගේ සභාපති ධුරය අත් හිටුවා මීට පෙර පනවා තිබු අතුරු තහනම ඉවත් කළ මහාධිකරණ විනිසුරු රෂන් ගොඩකවෙළ අධිකරණ බල ප‍්‍රදේශය සම්බන්ධයෙන් ඇතිවු ගැටලූවක් හේතුවෙන් මෙම නඩුව හම්බන්තොට අධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරමින් එම නඩුව නිෂ්ප‍්‍රභා කෙරිණි.

එහිදී මෙම නඩුව ඌව පළාත් අධිකරණ සීමාවේ පවරන ලෙස පැමිණිළිකරුවනට විනිසුරුවරයා ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලයේ පවතින කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සිදුකරන ලද වංචා හා දුෂණ ක‍්‍රියාවලට එරෙහිව කතරගම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඞී. වී. ශාන්ත ඇතු`ඵ මන්ත‍්‍රීවරුන් දහතුන් දෙනකු විසින් හම්බන්තොට මහාධිකරණයේ නඩු පවරනු ලැබුවේ ජනවාරි මස 11 වෙනිදාය.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි
 

advertistmentadvertistment
advertistmentadvertistment