කඳුරට යෝධයාගේ 8 වන ගිනස් වාර්තාව තැබීම මහනුවරදී

438

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නිරත මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ජනක කාංචන මුදන්නායක විසින් තම 8 වන ගිනස් වාර්තාව පිහිටවීම සඳහා මහනුවර සහස් උයන පරිශ්‍රයේදී අගෝස්තු මස 29 ය දින පෙරවරු 10.00ට කටයුතු යොදා ඇත. එහිදී කිලෝ 22ක් බරැති කොන්ක්‍රීට් කැට 15 ක් විනාඩියක් ඇතුළතදී කඩා දැමීමට නියමිතය.

මීට පෙර ගිනස් වාර්තා හතකට හිමිකම් කියන ජනක ලෝකයේම ශක්තිමත්ම උදරය හා ශක්තිමත්ම දත් දෙපළ හිමි පුද්ගලයා ද වේ. ඔහුගේ පියා හඟුරන්කෙත යෝධයා නමින් ප්‍රකට ගාමිණී වසන්ත කුමාර මහතා ද ගිනස් වාර්තා ගණනාවකට හිමිකම්ලාභියෙක් ද වේ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment