කැනඩාවේදී හමුවූ පෙම්වතිය බලන්න මාන්කුලමට ගිය තරුණයාට ගස් බැඳලා ගහලා

1806

කැනඩාවේ සිටියදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත තම පෙම්වතිය බැලීමට මාන්කුලම ප්‍රදේශයට පැමිණි තරුණයකු ගස් බැඳ පහර දී ඔහු සතුව තිබූ රුපියල් පනස්දහසක්, කැනේඩියානු ඩොලර් 300ක් සහ ජංගම දුරකථනය ද කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයකු රැකියාව සඳහා කැනඩාවට ගොස් සිටියදී ඔහුට මාන්කුලමේ සිට කැනඩාවට ගිය කාන්තාවක් හමු වී ඇත.

කාන්තාව පවසා ඇත්තේ තමන් විවාහ වී දැනට දික්කසාද වී සිටින බවයි.

ඒ අනුව මේ දෙදෙනා අතර සම්බන්ධයක් ගොඩ නැගී ඇති අතර කාලයකට පසුව කාන්තාව යළි කැනඩාවට පැමිණෙන බව කියා මාන්කුලමට පැමිණ ඇත.

ඇය මාන්කුලමට ගිය පසුව තරුණයා සමග තිබූ සියලු සම්බන්ධකම් නතර වීම නිසා කනස්සල්ලට පත් තරුණයා මාස නවයකට පසුව යාපනයට පැමිණ මාන්කුලමේ සිය පෙම්වතිය බැලීමට පැමිණ ඇත.

ඔහු පැමිණ බලන විට කාන්තාව තම ස්වාමියා ද දරුවන් දෙදෙනකු ද සමග මාන්කුලමේ ජීවත් වන බව දැක තවත් කනස්සල්ලට පත්ව ආපසු යාපනයට යෑමට එන අතර මගදී ඔහු මේ අකරතැබ්බයට මුහුණ පා ඇත.

සිද්ධිය පිළිබඳව එම තරුණයා මාන්කුලම පොලිසියට හා පේදුරුතුඩුව පොලිසියට පැමිණිලි කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment