කිතුණු බැතිමතුන්ගේ උතුම් දිනය

425

දෙසැම්බර් මාසය ලෝකවාසී සියලූ කිතුනු බැතිමතුනට ඉමහත් සතුටක් ගෙන දෙන්නකි. එයට හේතුව ලෝකවාසී කිතුනු බැතිමතුන් දෙසැම්බර් මාසය සලකන්නේ ඔවුනට එළඹෙන අවුරුද්ද ලෙසිනි. එය නත්තල් උදාව වශයෙන් ප‍්‍රකටවී ඇත. මේ එළඹ තිබෙන දෙසැම්බර් මාසය වුවද නත්තල සැමරීමට කිතුනු බැතිමතුන් මහත් උනන්දුවකින් පසුවෙති. එම දිනය එළඹෙන තුරු ඔවුන් ඇ`ගිලි ගනිමින් සිටිති. නත්තල වනාහි සාමයෙන්, සමගියෙන් හා අවිහිංසාවෙන් සිදුවිය යුත්තක් බව අමුතුවෙන් කිවයුතු නැත. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වශයෙන් අපද දහම් පණිවිඩයද උතුම් නත්තලට සමගාමීව ඉදිරිපත් කිරීම උචිත යැයි සිතන්නෙමු.

ආගමික නායකයෙක් බිහිවීම යනු කලාතුරකින් සිදුවන්නකි. එය ලෝක සත්වයාටම යහපත පිණිස සිදුවන්නකි. එසේ වුවද පසුකාලීන වනවිට සමහර ආගම් තුළ එම ශාස්තෘන්ගේ සැබෑ දර්ශනය විකෘති කොට ආත්ම ලාභය හා ආත්ම තෘප්තිය තකා ලෝකයාට හා සත්වයාට අයහපතක්, අවැඩක් සේම විනාශයක් සිදුවන අයුරින් කි‍්‍රයාත්මක වන අයුරුද දැකගන්නට තිබීම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. ආගම් අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ ප‍්‍රාථමික චර්යාවන් වෙනස් කොට උසස් ගුණ ධර්ම වර්ධනය කිරීම උදෙසාය. සිත,කය, වචනය තමන්ටත්, අනුන්ටත් යහපතක් පිණිස පවත්වා ගැනීමටය. ආගමක් අදහන්නන් තම තමන්ගේ ආගම තුළ එවැනි හිංසාවාදී කි‍්‍රයාවන් සිදුවෙනවාද යන්නත් සිතා බැලීමද ඉතා වැදගත් වනු ඇත. බහුතරයක් ලොව ජීවත් වන්නේ කි‍්‍රස්තු භක්තිකයන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන්ගේ ශාස්තෘවරයා වන්නේ ජේසුස් වහන්සේයි. ඔවුන් නත්තල වශයෙන් සමරන්නේ ජේසුස් වහන්සේගේ උපතයි. එය ඉතා උත්කර්ෂවත් අයුරින් නත්තල් උත්සවය හරහා සිදුකරන ආකාරය දැකගන්නට ලැබේ. එම නත්තල් උත්සවයේ සමාරම්භය පිළිබඳ අතීතයෙන් කරුණු බිඳක් ගෙනැහැර දැක්වීම වර්තමාන දූ දරුවන්ට ඉතා වැදගත් වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

නත්තල පිළිබඳ විමසීමේදී එහි ආරම්භය 4 වැනි සියවසේදී සිදුවූ බව පැහැදිලි වේ. ජේසුස් වහන්සේ හරහා උදාවුණ නත්තල් උත්සවය ජේසුස් වහන්සේට ගෞරවයක් පිණිස සැමරීම කිතුනු බැතිමතුන්ගේ සම්ප‍්‍රදායයි. එය තම ශාස්තෘවරයාට කරන ඉහළම සැලකිල්ලක් ද වනු ඇත. කි‍්‍ර.ව. 1 දී ලොව පහළ වූ ජේසුස් වහන්සේ යුදෙව්වන්ගේ මව්බිම වූ පලස්තීනයෙහි අවුරුදු 33 ක් ජීවත් වූ අතර ඒ හරහා බිහිවුණ ඔවුන්ගේ ධර්ම ග‍්‍රන්ථය වන්නේ බයිබලයයි. ලෝකය මැවීමේ සිට කි‍්‍රස්තුස් වහන්සේගේ පැමිණීම දක්වා වූ කාලය පැරණි ගිවිසුම ලෙසත් ඉන් ඉක්බිති කොටස නව ගිවිසුම ලෙසත් ග‍්‍රන්ථකරණය වී ඇත. ඒ අනුව කිතුනුවන් පිළිගන්නා දහම දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියනු ඇත. කි‍්‍රස්තුස් වහන්සේගේ පැමිණීම අනුව කිතුදහම ශත වර්ෂ දෙදාහකට ආසන්න පැරණි වූවක් බව පැහැදිලි වේ.

බයිබලයේ සඳහන් පරිදි දෙවියන් වහන්සේ සියල්ල මැවූ සේක. සියල්ල මැවූ දෙවියන් වහන්සේ මිනිසාද මැවූ සේක. මුළු විශ්වයම පාලනය කර මෙහෙයවමින් දේව මහිමය ප‍්‍රශංසා කරන්නට මවන ලද මිනිසා යක්‍ෂයාගේ කූටෝපායට රැවටී දෙවිදුන් ප‍්‍රතික්‍ෂේප කළේය. දුක, වේදනාව, පීඩනය ආදී සියල්ල ලොව තුළ බිහි වූයේ මෙකී අකීකරුකම හේතුකොට ගෙනය. දේව සාධාරණත්වය පදනම් කොට ගෙන මිනිසාට දඬුවම් කළ දෙවිඳාණෝම තමන් වහන්සේගේ සීමා රහිත කරුණාව පෙරදැරිව මිනිසා යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා සැලැස්මක් යෙදූහ. ඒ සැලැස්ම වූයේ තම පුතණුවන් මිනිස් බව තුළින් මනුලොවට එවීමයි. මෙසේ මනුබව ගෙන මිහිපිටට වැඩම කළ දේව පුත‍්‍රයාණෝ කිතු සමිඳාණෝය. ඒ අතර ජුදා නමැති නායකයෝ කිතු දහම නොපිළිගෙන සමිඳුන් ඝාතනය කරන්නට උපායක් යෙදූහ. මෙසේ ජුදයන් විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබූ කුරුසයක් මත මරණය හිමිකර ගත් කි‍්‍රස්තුස් වහන්සේ යළි මරණයෙන් උත්ථාන වූහ. ඒ ගැන සැකයෙන් සිටි තම ගෝලයින්ටත් සෙසු පිරිසටත් ප‍්‍රත්‍යක්‍ෂ වන පරිදි වැඩ සිටිනු සේක. යහපත සදා පවතින බවත් මිනිස් දිවිය මෙලොවට සීමාවී නැති බවත් පෙන්වා දුන් කිතු සමිඳාණෝ දහම අනුව මිහිපිට පැවැත්ම නිමවූ පසු යහපත කළ පින්වත්හු ස්වර්ගයේ දෙවිඳුන් හමුවටද, දුදනෝ නිරයටද යවනු ලැබ සදා සැප හෝ දුක විඳින බව දේශනා කළහ. කිතු දහම දේශනා කළේ කි‍්‍රස්තුන් වහන්සේයි. උන්වහන්සේ මනු ලොවට පැමිණ දෙසූ ඒ උතුම් දහම කාටත් සෙතක් සැලැස්වීමට එවක යුගය තුළ ප‍්‍රබල සාධකයක් විය. එහි ප‍්‍රධාන ලක්‍ෂණයක් වශයෙන් දසපනත හැඳින්වීමට පුළුවන. එය සීල ධර්මය නමින්ද හැඳින්වේ. මිනිසුනට චර්යාමය වෙනසක් ඇති කර ගැනීම සඳහා එම දේව පනත් 10 ඉතා වැදගත්වේ. එහි සඳහන් ‘දෙවියන් වහන්සේටත් අසල්වැසි සහෝදරයන්ටත් පේ‍්‍රම කරන්න’ යන වාක්‍ය තුළ මුළු කිතු දහමම අන්තර්ගත වී ඇත. දෙවියන් වහන්සේට පේ‍්‍රමකරන තැනැත්තා දේව පනත් 10යම අනුගමනය කරන්නෙකු වනු ඇත. සහෝදරයාට පේ‍්‍රම කරන තැනැත්තා ඔහුට යහපතම කරයි. එම කිතු දහමෙහි සඳහන් දස පනත අනුගමනය කිරීම තුළින් සියලූ ලෝකවාසීන්ටම යහපත කැඳවනු ඇත.

  1. සැබෑවූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව
  2. සමිඳාණන්ගේ ශී‍්‍ර නාමය ගෙන බොරුවටත්

නිරර්ථකයටත් නොදිව්රව

  1. ඉරුදිනත් ණය මංගල්‍යය දිනත් නිවාඩු වලංගු කරව
  2. මව්පියන්ට සංග‍්‍රහ කරව
  3. ජීවිත විනාශ නොකරව
  4. කාම මිථ්‍යාචාරය නොකරව
  5. සොරකම් නොකරව
  6. බොරු සාක්‍ෂි නොකරව
  7. පරදාර ආලය නොකරව
  8. අන් වස්තු ආශා නොකරව

දස පනත සහිත කිතු දහම ආරම්භ වන්නේ ජේසුස් වහන්සේගේ මරණයෙන් අනතුරුවය. ජේස්සු වහන්සේට විරද්ධව කි‍්‍රයාකළ ද යුදෙව්වන් අතරින්ම කීප දෙනෙක් ඔවුන් අපේක්‍ෂා කරන ලද විමුක්තිදායකයා ජේසුස් වහන්සේම බව සලකා එතුමා ශාස්තෘවරයා ලෙස සලකා එම ආගම දිගටම පවත්වාගෙන ගියහ. ජේසුස් වහන්සේගේ පියා වන්නේ සර්ව බලධාරී දෙවියන්ය. මව මරියතුමියයි. ජේසුතුමන් මියගියද ඔහු ලොවට ඉදිරිපත් කළ දර්ශනය අද ද ජීවමානව පවතී. එතුළින් ලෝ වාසීන්ටම සෙතක්ම සලසනු ඇත. ඉහත සඳහන් කළ දස පනත පරිශීලනය කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ.

මහව, උඩගම ශී‍්‍ර ඉන්දසුමන මහ පිරිවෙන්හි
ප‍්‍රවීණාචාර්ය, ප‍්‍රවචන කීර්ති ශී‍්‍ර ලේඛන ශාස්තී‍්‍ර
ගලගෙදර රතනවංස ස්ථවිර

කිතුණු බැතිමතුන්ගේ උතුම් දිනය
advertistmentadvertistment
advertistmentadvertistment