කිඹුල් ප්‍රහාරය සංචාරක කර්මාන්තය අවහිර කරලා

1319

පොල්හේන වෙරළ ආසන්න මුහුදේ සැරිසරන දැවැන්ත කිඹුලා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට මරු පහරකි.

තම ආහාර අවශ්‍යතා වෙනුවෙන් සුදුසු නව වාසභූමි සොයායෑම ඕනෑම සත්ව වර්ගයක ලක්ෂණයකි. අධික කිඹුල් ගහනයක් වෙසෙන නිල්වලා ගංගාවේ ද ඔවුන් අතර ආහාර සඳහා තරගයක් ඇත. එබැවින් නිල්වලා ගං මෝය කටෙන් නික්මෙන කිඹුලන්, මුහුදට එක්වන මිරිදිය ජලය ඉවෙන් හඳුනාගනිමින් ඒ ඔස්සේ ගොස් මුහුදට වැටෙන වෙනත් ගංගා සොයායෑමට මෙලෙස කරදියේ ගමන් ගනීම සිදුකරයි.

මේ බව සඳහන් කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යව හා සමුද්‍ර විද්‍යව පිළිබඳ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් කළ විමසීමක දීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඔවුන්ට කරදිය තුළ මෙලෙස වාසය කළ හැක්කේ ඉතාමත් කෙටි කාලයකි.

එනමුත් පොල්හේන වැනි සංචාරක කලාපයක,මුහුදේ සංචාරකයන් සැරිසරද්දී මෙම කිඹුලාගෙන් සංචාරකයකුට යම් අනතුරක් සිදුවුවහොත්, එය එම කර්මාන්තයට මරු පහරක් වනු ඇත. එසේම මෙම තත්ත්වය අප නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී පරිසරයේ තිබෙන සියලු ජල ප්‍රභවයන් කිඹුලන්ගේ ග්‍රහනයට නතුවී මෙරට ජනතාවගේ ජන ජීවිතයේ බරපතළ අඩාල වීමක් සිදුවිය හැකිය. එබැවින් මේ පිළිබඳව බලධාරීන්ගේ කඩිනමි අවධානය යොමුකර පොල්හේන මුහුදේ සැරිසරන කිඹුලා අල්ලාගෙන සුදුසු ප්‍රදේශයකට මුදා හැරීමට සහ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවී ඇති කිඹුල් ගහනය පාලනය කිරීමට ද කඩිනමි අවධානය යොමුවිය යුතු කටයුත්තක් බවද මහාචාර්ය ටර්නි පැවසීය.

වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment