කිලෝවට රු. 130 ක් නොදුන්නොත් වී විකුණන්න එපා

103

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ගොවීන්ට කියයි

නිෂ්පාදන වියදමට සරිලන ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 130 ක් ලබා නොදෙන්නේ නම් වී අලෙවියෙන් වැළකී සිටින ලෙස සිය සංගමය ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 99.75 ක් බව රජය පිළිගෙන ඇතත් ගොවියාගෙන් ඊට අඩු මුදලකට වී මිලදී ගන්නේ කුමන සූත්‍රයකටදැයි රජය පැහැදිලි කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

‘ගොවියා හොඳටම ණය වෙලා වී ටික වවලා තියෙන්නේ. රජය ආකර්ෂණීය මිලකට වී නොගන්න නිසා පුද්ගලික අංශය රුපියල් 60 ට-70ට වී කිලෝව කමතින්ම මිලට ගන්නවා. වේලපු වී වලට ඊට ටිකක් වැඩි මිලක් ගෙවනවා. නමුත් ගොවියාට සාධාරණයක් නැහැ. ඒ නිසයි අපි ගොවියාගෙන් ඉල්ලා සිටියේ රුපියල් 130 ට අඩුවෙන් වී විකුණන්න එපා කියලා. රජය වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට සූදානම් නම් ගොවියා අනිවාර්යයෙන් රජයට වී ලබා දෙනවා’ යැයිද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment