කෙහෙළියගේ පෙත්සමට තීරණය දෙන දිනය

261

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය මෙම මස 30 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් නිවේදනය කරමින් අභියාචනාධිකරණය මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment