කොළඹට ජල කප්පාදුවක්

457

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට මෙම මස 19 වැනිදා සෙනසුරාදා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව සෙනසුරාදා පෙරවරු 8 සිට 20වැනිදා ඉරිදා අලුයම 02 දක්වා කොළඹ, දෙහිවල ගල්කිස්ස, කොට්ටේ සහ කඩුවෙල මහ නගරසභා බලප්‍රදේශවලට, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment