ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

387

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් හිමි කර දීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් සමත් වූහ. ඒ අනුව අද තරුෂි කරුණාරත්න මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කමක් හිමි කරගත්තාය.ඇය මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය. ඊයේ දිනයේ දී මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන් ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.වසර 29 කට පසු මතකයන් අලුත් කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදෙන්නට මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙලෙස සමත්වූවාය.ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක අවසන් වරට එවැනි දස්කමක් දක්වා තිබුණේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා ය. මීට අමතරව තුන් පිම්ම පැනීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මලිත් යසිරු සමත් විය.එහිදී ඔහු මීටර් 15.82ක් පැන ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment