කොළඹ වරායට එමින් තිබූ නැවේ රසායනික කාන්දුව හරිගස්සයි

167

ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබූ සිස්පාම් ලාහෝර් නෞකාවේ බහලූමක වූ රසායනික කාන්දුවීමක් යථා තත්ත්වයට පත් කිරීමට පෙරේදා   (30 වැනිදා) ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වී තිබේ.
 
 ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබූ මෙම නෞකාවේ තිබූ බහලූමක කිලෝග‍්‍රෑම් 40 බැගින් වූ නයිටි‍්‍රක් අම්ල අඩංගු බඳුන් 650ක ප‍්‍රමාණයක් අඩංගු වූ බවත් එහි නයිටි‍්‍රක් අම්ල අඩංගු බැරල් කිහිපයක කාන්දුවීමක් මුන්ද්‍රා වරායෙන් පිටවී පැය 6කට පසු එම නෞකාවේ කපිතාන්වරයා නිරීක්ෂණය කර තිබූ බවත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති නිහාල් කැප්පෙටිපොල මහතා පැවසීය.
 
 ඒ අනුව නැව් නියෝජිත ආයතනය ඒ පිළිබඳව කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා හා පර්යන්තය දැනුවත් කළ බවත් පසුව පර්යන්තයේ සහාය ඇතිව එම බහලූ මෙහෙයුම සිදු කර අදාළ අනතුරට පත් බහලූමේ අඩංගුවූ පළුදු වූ බැරල වෙන් කොට, හොඳ තත්ත්වයේ ඇති බැරල නිසි ආරක්ෂණ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් නව බහලූමකට නැවත සකස් කිරීම සිදු කළ බවත් නිහාල් කැප්පෙටිපොල මහතා කියා සිටියේය.
 
 කේන්ද්‍රීය වරායක් ලෙස කොළඹ වරාය මෙවැනි කටයුතු සඳහා ප‍්‍රශස්ත දායකත්වය ලබා දෙමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ගිනි නිවන හමුදාවේ සහ අන්තරායකර නැව් බඩු මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන ්‍ය්බන් ීයසචචසබට ආයතනයේ දායකත්වයෙන් රසායනික කාන්දුවීමකට ලක් වූ බහලූමේ අන්තර්ගත වූ නයිටි‍්‍රක් අම්ල අඩංගු බඳුන් ප‍්‍රතිනැව්ගත කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
 ප‍්‍රභාත් විතාන, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment