රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක්

922

රක්වාන ප‍්‍රදේශයෙන් කිලෝ 80ක නිල් මැණික් පොකුරක් හමුවී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
 
 මෙම මැණික් ගල විකිණීමෙන් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පනහක් අපේක්ෂා කරන බව එහි හිමිකරු දැනුම් දී තිබේ.
 
 එම නිල් පොකුර මේ වන විට කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත්ව ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරංචි මාර්ග පවසයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරී විසින් එම මැණික් ගල පරීක්ෂා කර තිබේ. මෙම මැණික් පොකුර මෙයට කලකට පෙර ලැබී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
 
 එම මැණික් පොකුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කර ඇති බවත් එහි ප‍්‍රධානීන් ඔහුට පොරොන්දු වී ඇත්තේ එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කිරීමට බවත් අනාවරණය වෙයි.
 
 මේ අතර පසුගියදා ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් පොකුර සහිත මැණික් පාෂාණය කහවත්ත ප‍්‍රදේශයෙන් හමු වූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ මහතා සඳහන් කර තිබූ අතර එය ඇමරිකානු ඩොලර් මිලියන දෙසියක් වටිනා බව ඔහු පවසා තිබේ.
 
 රත්නපුර ප‍්‍රදේශයේ මැණික් ක්ෂේත‍්‍රයේ නිරත කිහිපදෙනකු එම මැණික් පොකුර ගැන පරස්පර අදහස් පළ කර තිබුණි. එවැනි මැණික් සහිත පාෂාණ හමුවී ඇති බවත් ඒවා රත්නපුර ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික කෞතුකාගාරවල දක්නට ඇති බවත් රත්නපුරයේ මැණික් ක්ෂේත‍්‍රයේ කිහිපදෙනෙක් ම පැවසූහ.
 
 කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment