ගඳ ඉවසන්න බෑ… පුද්ගලයෙක් දැරණියගල පොදු වැසිකිළියේ වහලට නගී

244

වසර දෙකක කාලයක සිට තම නිවසට යාබද නිවසේ වැසිකිළි වළෙන් අපද්‍රව්‍ය කාන්දුවීම නිසා දැඩි අපහසුතාවට තමන් හා තම දූ දරුවන් පත්ව ඇති බව කියමින් අසාධාරණයට පත් වූ පුද්ගලයා දැරණියගල නගරයේ පොදු වැසිකිළියේ වහලයට නැග පැය හතරකට ආසන්න කාලයක් විරෝධතාවක් පැවැත්වීය.
 
වසර දෙකකට ආසන්න කාලයක සිට පැවති මෙම ගැටලූව සම්බන්ධයෙන් අදාළ අංශ වරින්වර දැනුවත් කළත් විසඳුමක් නොලැබුන බව කියමින් මෙම විරෝධතාව ආරම්භ කළ බව දැරණියගල දකුණ පදිංචි ජානක දිනේෂ් කුමාර (49* මහතා ‘දිවයින’ට පැවසීය.

ganda2
 
දැරණියගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන් මහතා මැදිහත් වීමෙන් අදාළ නිවෙස් හිමියා ගෙන්වා එදිනම අමතර ගලියක් යොදා එම අපද්‍රව්‍ය කාන්දුවීම වළක්වාලීමට කටයුතු කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දී විරෝධාකරු වහලයෙන් බැස්සවීමට කටයුතු කළේය. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයට නඩුවක් ගොනුකර ඇතිබවද දැරණියගල පොලිසිය පැවසීය.

 සෝමචන්දු යකන්දාවල – දැරණියගල

advertistmentadvertistment
advertistmentadvertistment