ග්‍රහ ලොවේ රජුන් රවි ග්‍රහයා

2120

රවි හතරේ සිටීම ශුභ නැත. ඉඩකඩම් දේපළ බලෙන් ලබා ගැනීමට සිතේ. ශරීර සැපය අඩුවී පපුවේ දාහගතිය ඇතිවේ. පවට භය නැති හිතක් ඇති පුද්ගලයෙකි. පව් කරන්නන් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වති.

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවිය. රවි මනා ආඩම්බරකාර තේජවන්ත ග්‍රහයෙකි. රවි තවත් කෙනෙකුට දෙවැනි වන්නට හෝ සම වන්නට කැමැති නැත.

කෙනෙකුට වුවමනා කරන නිර්භීතකම, ක්‍රියාශූරත්වය, ආත්ම ශක්තිය, ප්‍රේමය, චිත්ත වේගය යමක් වටහා ගැනීමේ ශක්තිය ලැබෙන්නේ රවි ග්‍රහයාගෙනි. කෙනෙක් සමග තමාට වුවමනා කරන අන්දමට හැසිරීමේ දැනුමක් තිබේ. තමා වුවමනා වූ විට හිස නමා වැඩේ කර ගැනීමට සමත්ය. තමා ළඟට පැමිණි කෙනෙකුට අමනාපවී යෑමට කටයුතු කරන්නේ නැත. තමාට වුවමනා කරන වැඩේ කළත් නොකළත් සිත සකසා පිටත්කර යැවීමට සමත්වේ. මිතුරාට වඩා සතුරා සමඟ මිතුරුකමක් ඇතිකර ගනී.

රවි උෂ්ණ ග්‍රහයෙක් බව කවුරුත් දන්නා කරුණකි. රවිගේ සියලු බලය පෙන්වන්නේ උෂ්ණ රාශිවලදීය. මේෂ, සිංහ, ධනු යන ලග්න උෂ්ණ රාශි ලෙස හැඳින්විය හැකිය. මේෂය උච්ච රාශියකි. මේෂ ලග්නයේ රවි සිටින විට වේගය ඉතාම බලවත්ය. සිංහයේ රවි සිටින විට වේගය අඩුය. ධනු ලග්නයේ රවි සිටින විට තවත් අඩු බව සඳහන් කළ යුතුය.

එහෙත් වෘෂභ, කන්‍යා, මකර රාශි තුනේද රවිගේ ගුණය පහත් පැත්තට හැරේ. තද ආත්මාර්ථකාමී ගතියෙන් යුත් ලෞකික දියුණුවට තමාගේම වාසිය බලන ස්වභාවයක් ඇතිවේ. වෘෂභ, කන්‍යා, මකර යන රාශි තුනම එකසේ රවිට හතුරු රාශිවේ. මකරයේදී තදින්ම ආත්මාර්ථකාමී ගතිය දැකිය හැක. ආත්මාර්ථකාමී ගතියෙන් අනුන්ට හානියක් නොවේ.

මිථුන, තුලා, කුම්භ යන වායෝ ත්‍රිත්වය රවිට අමුතු තත්ත්වයක් ඇති කිරීමට සමත්වේ. මෙම රාශිවලදී රවිගේ කාටත් ගැලපෙන ඉවසීමට හැකි ගතියක් ඇතිවේ. මිථුන, කුම්භ දෙක වායෝ ත්‍රිත්වයට අයිති බැවින් ඒ සියලු සෞම්‍යකම් ක්‍රියාවෙහි යෙදෙන්නේ ඒ ඒ රාශිවලට අයිති ගතිගුණ සමගමය. තුලාවේ මධ්‍යස්ථ ගුණය, මිථුනයේ ශාස්ත්‍රය ගුණය කටකයේ සමාජ ගුණය යනාදී වශයෙනි.

රවි ලග්නයේ සිටියදී උපන් තැනැත්තා උද්යෝගිමත් පිබිදුණු ගතිය ඇති කෙනෙකි. මොනම කටයුත්තකදීවත් පසුබට නොවේ. රවි ලග්නයේ බලවත්ව සිටීම ඉතාම යහපත්ය. අධික ආඩම්බර ගතියක් ඇති කිසිවෙකුට යටත් කළ නොහැකි පුද්ගලයෙකි.

රවි දෙවැන්නේ නම් විවාහයෙන් පසු ගෙදර අඩ දබර ඇතිවේ. රවි හොඳට සිටියොත් තියුණු විනිවිද පෙනෙන ඇස් ඇතිවේ. රවිගේ එඩිතර ගතිය නිසා විවාහයෙන් පසු සහකාරියට හිමිවිය යුතු ගෙදර පාලනය තමා විසින් කළ යුතු සිතුවිල්ල ඇතිවේ.

රවි තුන්වැන්නේ සිටී නම් උසස් ඉගෙනීම, පොත්පත් ලිවීම ආදියට යහපත්ය. රවිට තුන්වැන්න යහපත් ස්ථානයකි. සහෝදරයන් අතර තමා ප්‍රසිද්ධියට පත්වේ. මහජන සේවයට යහපත් ග්‍රහ පිහිටීමකි.

රවි හතරේ සිටීම ශුභ නැත. ඉඩකඩම් දේපළ බලෙන් ලබා ගැනීමට සිතේ. ශරීර සැපය අඩුවී පපුවේ දාහගතිය ඇතිවේ. පවට භය නැති හිතක් ඇති පුද්ගලයෙකි. පව් කරන්නන් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වති.

රවි පහේ ලොකුම ගුණය ලෙස පෙනෙන්නේ ඉගෙනීමට ඇති ආශාවයි. ලැබෙන දරුවන් ආකාලයේ මරණයට පත්වෙති. නැතිනම් දරුවන් අඩු කෙනෙකි. සිහින් සිරුරක් ඇති කෙනෙකි.

රවි හයේදී සතුරන් මෙල්ල කිරීමට හැකියාවක් තිබේ. සූරවීරතාවයෙන් හා සැපෙන් දියුණු ප්‍රසිද්ධ කෙනෙකි. රාජකාරීවලට සුදුසු පුද්ගලයකු ලෙස පහසුවෙන් තෝරාගනී. කාමාෂාව අධික කෙනෙකි.

රවි හත්වැන්නේ සිටින පුද්ගලයන් භාර්යාව හෝ සැමියා ඉතා අහංකාරවෙයි. සමහරවිට දෙදෙනා අතර විවාද ඇතිවේ. හත්වැන්න රවිත් බලය අඩු තැනකි. රවිගේ තත්ත්වය අනුව වස්තු හානිය, ධන හානිය සිදුවේ.

රවි අටේ සිටින අය අතර කරදරවලට භාජනය වේ. කෙළෙහිගුණ නොසලකා හරින කෙනෙකු ලෙස පිට අයට පෙනේ. පින්පව් ගැන වැඩි තැකීමක් නැත. ලෙඩරෝග පහසුවෙන් ඇතිවේ.

රවි නවයේ නම් පියාගෙන් දේපළ නොලැබේ. එහෙත් පියාට හිතවත්වේ. බොහෝවිට විවාහය පියාගේ අදහස්වලට එකඟ නොවේ. නොමැකෙන යහපත් නමක් ඇතිකර ගැනීමට සමත්වේ. ගුණ යහපත් අය වෙති.

රවි දහයට බලවත් තැනකි. රවි බලවත්ව සිටීමෙන් ඉතා යහපත්ය. සියලු ජය, උසස් තනතුරු, ප්‍රසිද්ධිය, ලෞකික සැප සම්පත් නම්බුනාම ලැබේ. මොන අතකින් හෝ දියුණුවට පත්වෙන පුද්ගලයෙකි.

රවි එකොළහේ නම් උසස් මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ධනවත් පුද්ගලයෙකි. ව්‍යාපාරවලින් වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබේ. යන තැන්වල පිළිගනී. ලෞකික දියුණුවට ඉතා යහපත්ය.

රවි දොළොස් වැන්නේදී මුල් කාලයට වඩා ජීවිතයේ අග කාලයේදී ප්‍රසිද්ධියට පත්වේ. නොයෙක් තැන්වල ඇවිදීමෙන් නිකරුනේ මුදල් වියදම් කිරීමට සමත්වේ. රෝහල්වලට උපකාර කිරීම බන්ධනාගාරවලට සංග්‍රහ කිරීමට ඉදිරිපත්වේ.

ජ්‍යොතිෂවේදී සිසිර කුමාරසිංහ
දුරකථන – 0778556119

advertistmentadvertistment
advertistmentadvertistment