ග්‍රාමීය ජනයාගෙන් 82%ක ආර්ථිකය අවදානමේ – විපක්‍ෂ නායක සජිත් මැතිසබයේදී කියයි

52

හොර ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන 11000ක්

සමීක්ෂණවලට අනුව ග්‍රාමීය ජනතාවගෙන් සියයට 82ක් ආර්ථික අවදානම් තත්ත්වයක සිටින බවත් කාන්තාවන් මූලික කර ගත් ගෘහ ඒකක බහුතරයක් අවිදිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණයවල පැටලීමත් සමඟ ඇතිව තිබෙන ණය බර නිසා කණකර පවා උගස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සංවිධාන 11000ක් මේ වන විට රටේ ඇති බවත් ගම්වල ‘ඇඳ ණය’ ලෙස හඳුන් වන මෙකී ණය ගෙවීමට නොහැකි වූ විට ලිංගික අල්ලස් ලබා ගැනීමේ තත්ත්වයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය පැවසූ ආකාරයට පසුගිය මාසයේ දී වයස අවුරුදු 15ට අඩු දරුවන් 169ක් අතවරයට ලක්ව ඇති අතර ඉන් දරුවන් 26 දෙනකු ගැබ් ගෙන ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ වාර්තාවලට අනුව පසුගිය මාස 9ක් තුළ ළමයින් 12 දෙනකු ඝාතනය වී ඇති බවත් ඊට අමතරව

ලිංගික අතවර කිරීම් 1086ක් සහ බරපතළ ලිංගික අපයෝජන සිදුවීම් 425ක් වාර්තා වී ඇති බවත් මේ තත්ත්වයෙන් දරු පරපුර මුදා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment