ගෑස් මිල ඉහළ නොදැමීමට සමාගම්වලට සහන දෙනවා…. ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

152

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ගෑස් මිල ඉහළ නොදැමීම සඳහා එම සමාගම් වෙත බදු සහන රැසක් සහ අනෙකුත් සහන ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා* පැවැසීය.

ගෑස් මිල ඉහළ නොදැමීමට සමාගම්වලට සහන දෙනවා.... ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

සමගි ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ 27 (02* යටතේ විශේෂ ප‍්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව කීය.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය.

කිලෝ ග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදෙන අවසරයක් දීලා නෑ. නවෝත්පාදනයක් ලෙසයි එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබෙන්නේ. එහිදී පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා කියලා ඔබතුමා කියන සියල්ල මා පිළිගන්නවා. මේ  ගැන රාජ්‍ය ඇමැතිතුමා මේ නවෝත්පාදනයේ ප‍්‍රමිතිය ගැන සොයා බලන්න කටයුතු කළා. ඒ වගේම මේ නව ගෑස් සිලින්ඩරය ගැන වෙළෙඳ පොළේ සොයා බැලූවා. 12.5 ගෑස් සිලින්ඩරවල හිඟයක් තිබෙනවා කියලා සොයා ගනු ලැබුවා. ඊට පසුව අපි ගැසට් නිවේදනයක් නිකුත් කළා. 12.5 ගෑස් සිලින්ඩරයක් අනිවාර්යයෙන්ම ඒ සෑම වෙළෙඳ සැලකම තිබෙන්න ඕන. මේ වන විට මේ පාරිභෝගික පනත යටතේ මේ ගෑස් සමාගමට එරෙහිව 11287/11 යටතේ නඩුවක් ද පවරා තිබෙනවා. එය පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදුකළා.

මේ වන විට මුළු ලෝකයේම සැපයුම් ජාලයේ අඩුවක් තිබෙනවා. ලෝකයේ මුහුණ දීලා තිබෙන තත්ත්වය ගැන අවධානය යොමු කරන්න කියලා අපි ආයාචනා කරනවා. මේ අමාරු අවස්ථාවේ අපි ගෑස් මිල වැඩි කරන්නේ නෑ. ජනාධිපතිතුමා මේ ගැන අවධානය දක්වලා කැබිනට් අනුකාරක සභාවකුත් පත් කළා. මම, වාසුදේව, උදය

ගෑස් මිල ඉහළ නොදැමීමට සමාගම්වලට සහන දෙනවා.... ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ගම්මන්පිල, මහින්ද අමරවීර යන ඇමැතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුව මැතිවරණයට කලින් දින දෙකකට පෙර ගෑස් මිල රුපියල් 250 කින් අඩු කළා. මේ වන විට පවතින තත්ත්වය අනුව මිල වැඩි කිරීමක් ඉල්ලීම සාධාරණයි. නමුත් අපි ඊට ඉඩ දෙන්නේ නැතුව අපි වරායේ බදු ඉවත් කරලා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට එකට මිලදී ගැනීම් කරන්නත්, ගෑස්වලට තිබෙන සියලූ බදු ඉවත් කරන්නත් වශයෙන් විශාල පියවර රාශියක් ගත්තා.

advertistmentadvertistment
advertistmentadvertistment