ජාතික චිත්‍රපට සංස්‌ථාවට කෝප් කමිටුවෙන් චෝදනා රැසක්‌… චිත‍්‍රපට හදන්න දුන් කෝටි 15 ක ණය ආපසු ලැබී නැහැ

209

ජාතික චිත‍්‍රපට සංස්ථාව නිවැරැදි මුදල් කළමනාකරණයක් පවත්වා නොගැනීම ප‍්‍රබල ගැටලූවක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චරිත හේරත් මහතා කෝප් කාරක සභාව හමුවේ පවසා ඇත.

 
ජාතික චිත‍්‍රපට සංස්ථාව 2019 වසර අවසන් වන විට බැංකු ජංගම ගිණුම් 09 ක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ඒවායේ සාමාන්‍ය මාසික ශේෂය රු.මිලියන 29.2 ක් බව කාරක සභාවේදී හෙළි වූ අතර මෙම ආයතනය තුළ නිවැරදි මුදල් කළමනාකරණයක් නොමැති වීම ප‍්‍රබල ගැටලූවක් බව එහිදී කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කර ඇත. එසේම සිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ ප‍්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලූ රැුසක් නිර්මාණය වී ඇතැයි මෙහිදි හෙළි වූ අතර සිනමාහල් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාව පාර්ශ්වයෙන් නව කියවීමක් අවශ්‍ය බව පෙරේදා (19* පැවැති කෝප් කාරක සභාවේදී හෙතෙම පෙන්වා දී තිබේ. ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ 2016 සහ 2017 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා  රැුස්වීම කැඳවා තිබුණි.
 
 2020 වසරේ දෙසැම්බර් 31 දිනට ජාතික චිත‍්‍රපට සංස්ථාව හා අරමුදල විසින් ලබා දී තිබූ, අයකර නොගත් චිත‍්‍රපට නිෂ්පාදන ණය ශේෂය රුපියල් 141,292,087 ක් බව කෝප් කාරක සභාවේදී හෙළි වී තිබේ. 2017 මාර්තු 31 දින පවත්වනු ලැබූ ජනාධිපති සිනමා සම්මාන උළෙල සඳහා රු. 44,394,717 ක් වියදම් කර තිබූ අතර, ඊට අදාළව ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව, සංස්ථාවෙන් විමසා ඇත. එක්තරා ආයතනයට මෙම මුදල ගෙවා තිබූ අතර, ඒ සම්බන්ධව සොයාබලා වාර්තාවක් කාරක සභාවට ඇතුළත් කරන ලෙස කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය.
 
 කෝප් කාරක සභාවේදී සිනමා ශාලා නවීකරණය කිරීම පිළිබඳ වැඩපිළිවෙළක් සැකසීමට හා ප‍්‍රගතිය වාර්තා කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබූ අතර, මෙතෙක් එය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව ජාතික චිත‍්‍රපට සංස්ථාවෙන් විමසීය.
 
 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීම සඳහා රු. මිලියන 99.9 ක ඇස්තමේන්තුවක් මත 2019 අපේ‍්‍රල් මස 05 වැනි දින වැඩ ආරම්භ කළ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ නිමා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර එම ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ද ලබා ගෙන නොතිබූ බවද මෙහිදී හෙළිවිය. සිනමා පාසලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලෙසද කාරක සභාව වැඩිදුරටත් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දුන්නේය.
 
 මරදාන එක් සිනමා ශාලාවෙන් 2003 වසරේ සිට 2016 මැයි 31 දින දක්වා අයවිය යුතු චිත‍්‍රපට කුලිය වන රු. 12,343,433 ක මුදල වූ මේ වසරේ මාර්තු මාසය වන තෙක්ම අය කර නොගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. කැලණියේ පිහිටි සරසවි චිත‍්‍රාගාරයේ නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 25 ක් සහ චිත‍්‍රපට සංරක්ෂණාගාරය පිහිටුවීම සහ චිත‍්‍රපට ප‍්‍රතිෂ්ඨාපනය සඳහා රු. මිලියන 50ක් වෙන්කර තිබුණ ද සමාලෝචිත වර්ෂය තුළ එම මුදල උපයෝජනය කර නොතිබූ අතර, ජාතික පුහුණු පාසලක් පිහිටුවීම සඳහා වෙන්කර තිබූ රු. මිලියන 50න් රු.500,000 ක් පමණක් වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.
 
 මේ වන විට චිත‍්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයෙන් සිදුවන අතර, එය රජයට පවරා ගැනීම සඳහා ඉදිරියේදී ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට සූදානම් බවද මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මෙම කාරක සභා රැුස්වීමේදී පැවසීය.

– තිස්ස ගුණතිලක, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment