සෞඛ්‍ය අතිරේක ලේකම් යළි රිමාන්ඩ්

103

ප්‍රමිතියන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඊයේ (04දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ නියෝග කළාය. අධිකරණය පෙර දිනයේ කළ නියෝගය අනුව මහර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් එම සැකකරුව ඊයේ උදෑසන 9.15 ට පමණ මහෙස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කළ අතර කෙටි රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ඔහුව යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ඊයේ (4දා) කොළඹ – මාලිගාකන්ද අධිකරණයට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා මහර බන්ධනාගාරයේ සිට පැමිණි අයුරු.
පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment