ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුදා ඔත්තුකරුවන්ගේ රහස් ඉල්ලයි

252
වඩ්ඩුවක්කාල් පාලමේ රැඳී සිටි හමුදා ඔත්තුකරුවන්ගේ තොරතුරු ඉල්ලීම

යුද හමුදා ප්‍රධානීන් 58කට දඬුවම් කිරීමේ ජිනීවා යෝජනාව සම්මත විය. ඒ සමගම ඉතා බරපතළ තත්ත්වයක් උදාවී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක් වූ යස්මින් සුකා තම අලුත්ම නිර්දේශ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. එනම් වන්නි මෙහෙයුමේ සියලුම හමුදා ප්‍රධානීන් භාවිත කළ සීඩීඑම්ඒ දුරකථනවල තොරතුරු ලබා දෙන ලෙස නිර්දේශ කිරීමයි. මෙම දුරකථනවලින් ලබාගත් ඇමතුම් වේලාවන් සහ පාලන මැදිරියේ සිට එම දුරකථනවලට ලබාගත් ඇමතුම් වඩ්ඩුවක්කාල් පාලමේ සිටි හමුදා ඔත්තුකරුවන්ගේ නම් එම පාලමේදී නැති වූ අය කවුද ඇතුළු හමුදා රහස් හෙළිකරන ලෙස ශ්‍රී ලංකා රජයට දන්වන ලෙස ඇය තවදුරටත් මානව හිමිකම් කවුන්සිලයට පවසා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුදා ඔත්තුකරුවන්ගේ රහස් ඉල්ලයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මීට පෙර මෙවැනි නිර්දේශ ඉදිරිපත් කර නැත. මෙය ඉතා භයානක තත්ත්වයකි. වන්නි හමුදා ප්‍රධානීන් භාවිත කළ දුරකථන සහ එම දුරකථනවලට ලත් සහ එම දුරකථනවලින් පිටව ගිය ඇමතුම් ගැන තොරතුරු හෙළි කළ හැකිද? යස්මින් සුකාගේ මෙම ඉල්ලීමේ අරමුණ නම් හමුදා බුද්ධි ඇමතුම් සොයාගෙන ඉන් හමුදා නිලධාරීන් වරදකරුවන් කිරීමයි. එසේම ඩ්‍රෝන් යානා පාලන මැදිරියේ තොරතුරු ද ලබාගන්නා ලෙස ඇය මානව හිමිකම් කවුන්සිලයට උපදෙස් දී තිබේ. ඇමරිකාව සහ බි්‍රතාන්‍යය විසින් ඉරාකයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව දියත් කළ මෙහෙයුම්වලදී භාවිත කළ සන්නිවේදන උපාංගවල තොරතුරු ලබාදෙන ලෙස මානව හිමිකම් කවුන්සිලයට නිර්දේශ ඉදිරිපත් වී නොතිබුණි. එහෙත් රජය මේ නීතී විරෝධී නිර්දේශ ගැන මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෙත දැඩි විරෝධය දක්වා නැත. සුකාගේ නිර්දේශ මෙතෙක් මෙරට ජනතාවට වාර්තා නොවුණත් අපට එම තොරතුරු හෙළිකිරීමට හැකිව තිබේ. මෙහිදී ඇය වඩ්ඩුවක්කාල් පාලමේ සිටි හමුදා ඔත්තුකරුවන් හෙළි කරන ලෙස ද පවසා ඇත.

රටෙක හමුදා ඔත්තුකරුවන් කිසිදිනෙක හෙළි නො කෙරේ. එහෙත් ඇය එම රාජ්‍ය රහස් පනත බිඳ දමා බුද්ධි ක්‍රියාකාරීන් හෙළි කරන ලෙස කියා සිටියි. එහි අරමුණ ඔවුන්ව ඝාතනය කිරීමට ඉඩ සැලැස්වීමද?

මෙහිදී තහවුරු වන්නේ වන්නි මෙහෙයුමට අදාළ හමුදා බුද්ධි මෙහෙයුම් රජය ලවා හෙළිකර ගැනීමයි. මේ සෑම නිර්දේශයටම මුල් වූයේ රජය යුද අපරාධ චෝදනාවලට අභියෝග නොකිරීමයි. දැන් එම තත්ත්වය රජයට ම පාරාවළල්ලක් වී ඇත. යස්මින් සුකා දැන් ක්‍රියාකරන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රහස් පොලිසිය මෙනි. ඇය බුද්ධි තොරතුරු පවා හෙළිකරන ලෙස රජයට කියයි නම් රජය මුහුණපා ඇත්තේ අසරණ තත්ත්වයකට නොවේද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව ක්‍රියාකරන්නේ නිරීක්‍ෂකයකු ලෙසිනි. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශවලට රජය එකඟවිය යුතුද? නිවට ලීලාවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සෑම ඉල්ලීමකටම හිස නැමීමේ ප්‍රතිඵලය දැන් පැහැදිලිය.

ජිනීවා යෝජනාව සම්මත වීමත් සමගම මෙරට හමුදා නිලධාරීන් 58කට විදේශ රටවලදී නඩු පැවරීමට එම රටවලට හැකි වේ. ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, චැගි ගාල්ලගේ, ජගත් ජයසූරිය, විශේෂ බළකායේ කොඩිප්පිලි ඇතුළු නිලධාරීන්ට මේ වනවිට යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. මෙය මෙරට ඉතිහාසයේ මීට පෙර සිදුවී නැත. යුද අපරාධ සිදුකළ කොටි යුරෝපා රටවල් රැසක සිටින අතර ඔවුන්ගෙන් කිසිවකුට මෙතෙක් චෝදනා එල්ල වී නැත. මේ පසුබිම මැද ශ්‍රී ලංකා රජය අද වනතුරු එකදු කොටි ත්‍රස්තවාදියකුටමත් යුද අපරාධ චෝදනා එල්ල කර නො තිබීම නිසා කොටි ගැලවී ඇත. ගුවන් යානාවකට මිසයිල ප්‍රහාර එල්ල කළ නබෝරුබන්ද රජය නිදහස් කළේය. කොළඹ බෝම්බ ගබඩාව භාරව සිටි මොරිස් ද

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුදා ඔත්තුකරුවන්ගේ රහස් ඉල්ලයි

පසුගියදා නිදහස් විය. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන්ද නිදහස් කෙරිණි. පදුමාන් සේරා අම්මාන් වැනි කොටි හමුදා නායකයෝද නිදහස් වූහ. මේ කිසිවකුටත් යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත.

මෙයට අමතරව කොටි යුද අපරාධකරුවන් රැසක් යුරෝපා රටවල දේශපාලන සිරකරුවන් ලෙස රැකවරණය ලබා තිබේ. මේ අතර වන්නි මෙහෙයුමේ 58 වැනි සේනාංකය මෙහෙයවූ ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නගේ සීඩීඑම්ඒ දුරකථනවල තොරතුරු ද මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා ඇත. මේ පසුබිම මැද හමුදාවේ 73 වැනි සංවත්සරය ද මේ සතියේ යෙදී තිබිණි.

මෙරට ජනතාවට අතිශය අමතකය මා 2009 ජිනීවා මානව හිමිකම් සමුළුවේ සිටින විට ශ්‍රී ලංකාවට පක්‍ෂව රටවල් 22ක් පක්‍ෂ විය. ඉන් පසු සිදුවූයේ අවාසනාවන්ත තත්ත්වයකි. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මුහුණපෑ තත්ත්වයයි.

2012 – රටවල් 15

2013 – රටවල් 13

2014 – රටවල් 12

2017 ඡන්ද විමසීමක් නැත

2021 – රටවල් 1

2022 – රටවල් 07

2022 දී ශ්‍රී ලංකාවට හත වැදුන බව තහවුරු විය. මෙයට බලපෑවේ යුද අපරාධ ලක්‍ෂ තුනක් සිදුකළ බවට කොටි ඩයස්පොරාව චෝදනා කරද්දී අපේ අඥාන ආණ්ඩු ඊට අභියෝග නොකිරීමයි. හමුදාවේ 73 සංවත්සරය යෙදී ඇති අවස්ථාවක වන්නි සේනාංක 14ක් ද බ්ලැක් ලිස්ට් කිරීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකළ අතර එයට ද අභියෝග කිරීමට රජය ක්‍රියා කළේ නැත. මෙයට වසර කීපයකට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ කොටි සංවිධානය ද යුද අපරාධ 50කට වඩා සිදුකර ඇති බවයි. එම වාර්තාව ජිනීවා ගෙන යෑමට එවකට පැවති රජය ක්‍රියා කළේ නැත. 2014 දී බලයට පත් ගෝඨාභය රජය සෞභාග්‍යයේ දැක්ම නමැති වැදගැම්මකට නැති වැඩපිළිවෙළක් අරඹද්දී කොටි ඩයස්පෝරාව දිගටම යුද අපරාධ චෝදනා මෙහෙයුම දියත් කළහ. එහි උච්චතම අවස්ථාව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment