ටී56ක්” ජීව උණ්ඩ හතරක් සහ හෙරොයින් සමග හරක් කටාගේ ප්‍රධාන වෙඩික්කරු බොරලැස්ගමුවේදී කොටු වෙයි

115

ශ්‍රී ලංකාවෙන් පැනගොස් ඩුබායි රටේ සැඟවී සිටියදී ඉකුත්දා අත්අඩංගුවට පත්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති පාතාල නායකයාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු වශයෙන් සේවය ලබාදුන් පුද්ගලයෙක් බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නවාතැන් කාමරයක රැඳී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (15) දින අළුයම අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා 27 වැනි වියේ පසුවන මාගලගේ ගයාන් ප්‍රබෝධ කුමාර නොහොත් කදිරා නමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින 150 ජනාවාසය, මිදිගම, අහංගම ලිපිනයේ ස්ථිර පදිංචිකරුවෙක් බවත් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ටී56 ජීව උණ්ඩ හතරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, අපරාධ මෙහෙයවීම හා සිදු කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය. බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේ නිවසේ කාමරයක් මාසිකව රුපියල් 18,000 ක මුදලකට කුලී පදනම මත ලබාගෙන සිට ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

මෙම පුද්ගලයා තවත් අපරාධ ක්‍රියාවක් සිදු කිරීම සඳහා හරක් කටාගෙන් කොන්ත්‍රාත්තුවක් ලැබෙනතුරු මෙම නවාතැනේ රැඳී සිටින්නට ඇති බවද පොලිසිය සැක පහළ කරයි.

අත්අඩංගුවට පත්වූ සැකකරු ටයිල් හා ටයිටේනියම් බිම් ඇතුරුම් හා බිම් සැකසුම් ශිල්පියෙක් වශයෙන් රැකියාවක් සිදුකර ඇති බවත් නිවසේ හිමිකාරියට ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් දෙකක් ලබාදී තමන් මාතර ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙක් සහ බිරිඳ සිටින අයෙක් බව පවසමින් නවාතැන් පොලේ නැවතී ඇති බවටත් විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මාතර වැලිගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක් බවත් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ ටී-56 වර්ගයේ ජීව උන්ඩ මොහු විසින් අපරාධ සඳහා යොදාගත් ගල්කටස් වර්ගයේ ගිනි අවියට යෙදීමට භාවිතා කළ ඒවායේ ඉතිරි ඒවා බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් බවත් පොලිසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් විශේෂ කාර්ය බලබලකායේ අණදෙන නිලධාරි නීතීඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය මත අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහා භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

එස්.ඩී. අබේසිංහ-මහරගම හා කැස්බෑව-ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment