ඩයලොග් ආසිආටා, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව 5 වැනි වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම හිමිකර ගනියි

41

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරුකරණ උපදේශන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී. එල්. සී, අඛණ්ඩව 5 වැනි වසරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය’ ලෙස තේරීපත්ව ඇත. එමෙන්ම AAA+ සන්නාම ශ්‍රේණිගත කිරීමද ලබා ගනිමින් ඩයලොග් ශ්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම සන්නාමය’ සහ අඛණ්ඩව 16 වැනි වරටත් ‘වටිනාම සන්නිවේදන සන්නාමය’ යන නාමයන්ගෙන් ද පිදුම් ලැබීය.

ඩයලොග්, ‘වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය’ යන ඇගයීම් නාමය 07 වැනි වරටත් හිමිකර ගැනීමෙන් පිළිබිඹු කෙරෙන්නේ, මෙරට මිලියන 17 කට අධික ශ්‍රී ලාංකිකයින් ඩයලොග් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම, ශ්‍රී ලංකාවේ තිරසාර ඩිජිටල් පාරිසරික ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන්, මෙරට ජන ජීවිතය හා ව්‍යවසාය සවිබල ගැන්වීමේ ඩයලොග් සතු නොසැලෙන කැපවීමයි. “අනාගතය. අදයි” යනුවෙන් වන සන්නාම ප්‍රතිඥාව සැබෑවටම සාක්ෂාත් කිරීමට කැපවන ඩයලොග්, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය අතින් දියුණු රටක් බවට පරිවර්තනය කරන අතරම, ස්වකීය පාරිභෝගිකයින් හට පරිපූර්ණ, දැරිය හැකි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතිනවීන තාක්ෂණය හා සබඳතාවක් පිරිනැමීම සඳහා අධිෂ්ඨානශීලිව කටයුතු කරයි.

ආයතනයේ මූලික පරමාර්ථයක් වන ‘හෘදයාන්ගම සේවාව’ සැලසීම සඳහා වන ඒකායන කැපවීමත් සමගින්, ‘DIAZ virtual assistance, My Dialog App මෙන්ම, voice assistance සේවාව ලබාදීම සඳහා Google Assistance සමග ඒකාබද්ධ කිරිම ඇතුළු, එහි ඩිජිටල් සත්කාර පරිසර පද්ධතිය මගින් පිළිබිඹු කෙරෙන්නේ අසමසම අත්දැකීම් පාරිභෝගිකයින්ට තිලිණ කිරීම, සමාගම සිය ප්‍රමුඛතම කාර්යයක් ලෙසින් සලකනබවයි. එමෙන්ම, රට තුළ සහ ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා එහි නොසැලෙන කැපවීමේ පියවරක් ලෙසින්, සමාගම සිය හවුල්කරුවන්ගේද සහාය ඇතිව සකස් කළ ‘National Fuel Pass’ ඉන්ධන අවසර පත් විසඳුම ඔස්සේ උග්‍ර ඉන්ධන අර්බුදය සාර්ථක විසඳුමක් කරා ගෙන යාමටද කටයුතු කරනු ලැබිණි. මීට අමතරව, රටේ පවතින ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් ඩයලොග්, මෙරට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නැංවූ ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන මඟින් දිවයින පුරා පවුල් 120,000ක් ඉක්මවා හදිසි සහන පිරිනමනු ලැබිණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය වන Karuna.lk දියත් කිරීමද, තාක්ෂණය ඔස්සේ අර්ථවත් වෙනසක් රට තුළ ඇති කිරීමට ඩයලොග් සතුව නොනැසී පවතින කැපවීම තවදුරටත් විදහා දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment