ඩෙංගු මදුරුවන් යුරෝපා රටවල් 13කට සංක්‍රමණය වේ

373

නිරතුරුව හටගනු ලබන දීර් ඝකාලින අධික උණුසුම් කාලගුණ තත්ත්වයන්, ජල ගැලීම් හා දීර්ඝ උණුසුම් ගිම්භාන සමයන් හේතුවෙන් ඩෙංගු ,චිකුන්ගුන්යා ඇතුළු රෝග පතුරුවන මදුරුවන් මේ වනවිට යුරෝපා රටවල් 13කට සංක්‍රමණය වී එම රෝග පතුරවමින් සිටින බව රෝග නිවාරණය පාලනය පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් කර තිබේ. යුරෝපා විද්‍යාඥයන්ට අනුව යුරෝපා රටවල නිරතුරුව පවතින දීර් ඝකාලින තාප තරංග (හීට්වේව් ) , දරුණු ජලගැලීම් හා දීර්ඝකාලින උණුසුම් ගිම්භාන ඍතු හරහා බොහෝ යුරෝපා රටවල අදාළ මදුරුවන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර් මාණය වී තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් මෙම ඩෙංගු ,චිකුන්ගුන්යා ඇතුළු බෝවන රෝග පතුරුවන මදුරුවන් බෝවීම පාලනය කිරීමට හා එම මදුරුවන්ගෙන් තොර පරිසරයක් නිර්මාණය කර මදුරුවන් හේතුවෙන් ඇති වන රෝග තත්ත්වයන් හා රෝග මරණ වළක්වාගත යුතු බව එම විද්‍යාඥයෝ අවධාරණය කර සිටිති. ඉකුත් වසරේ දී වෙස්ට් නයිල් වෛරස් යන මදුරුවන් මාර්ගයෙන් පැතිරෙන රෝගයට ගොදුරු වුවන් 1133 දෙනෙකු යුරෝපා රටවලින් වාර්තා වී තිබූ අතර මරණ 92ක් සිදුව තිබිණි. වසර 2022 සිට ඩෙංගු , චිකුන්ගුන්යා ,වෙස්ට් නයිල් ෆිවර් ,කහ උණ හා සිකා වැනි උණ රෝග පතුරුවන ඊඩිස් ඊජිප්ටයි මදුරු විශේෂය සයිප්‍රසයේ ශීඝ්‍රයෙන් බෝවෙමින් සිටීම හේතුවෙන් එම මදුරු විශේෂය සෙසු යුරෝපා රටවලට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ පවසති. දැනටමත් ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව වාර් තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment