අනාගත SUV රථය සමග ශ්‍රී ලංකාවේ නවතම ධාවන විප්ලවයක්

සිරිමන්ත රත්නසේකර

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ් බ්‍රෑන්ඩ් නිව් BAIC X55 II SUV රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සදහා පෙර ඇණවුම් බාර ගැනීම නිල වශයෙන් පසුගියදා ආරම්භ කළේය.

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මෙන්ම පාරිභෝගිකයින්ට නවතම ගමනක ආරම්භයක් සනිටුහන් කරමින් පළමු පාරිභෝගිකයින් 15 දෙනා පසුගියදා පැවති සරළ උත්සවයකදී BAIC X55 II රථ ඇණවුම් කිරීම සදහා තම තැන්පතු මුදල් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන කර්මාන්තයේ නව්‍යකරණයේ, තත්ත්වයෙන් උසස් නිෂ්පාදනවල සහ සමකළ නොහැකි පාරිභෝගික සේවයේ නව යුගයක් උදාකරමින් Beijing Automotive Industry Holding Co'” Ltd’ (BAIC) සමග උපාය මාර්ගික ගිවිසුමකට එළඹුණු බව පසුගියදා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් විසින් නිවේදනය කළේය.

මේ වන විට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අනාගත ප්‍රවාහනයේ නියමුවා වන BAIC X55 II SUV රථය ආනයනය කිරීමට සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ ඔටෝමොබයිල් නිෂ්පාදන සහ එකලස් කිරීමේ කර්මාන්තයට සහ ඔටෝමොබයිල් උපාංග නිෂ්පාදන කර්මාන්තයට හදුන්වාදුන් සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ දේශීයව අගය එකතු කරමින් මෙරට තුළ බෙදා හැරීමට අනුමැතිට හිමි වී ඇත.

ඒ අනුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් BAIC X55 II Honour සාමාන්‍ය රථය සහ BAIC X55 II Luxury සියලු‍ අංගෝපාංගවලින් යුතු රථය ලෙස මාදිළි 02ක් මෙරටට හදුන්වාදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා මෙසේ පැවසුවේය. “නවමු වාහන හදුන්වාදෙමින් දේශීය කර්මාන්ත නගා සිටුවීමට ඩේවිඩ් පීරිස් සමූහයේ ඔටෝමෝටිව් විසඳුම් හැම විටම සමත් වෙලා තියෙනවා. BAIC X55 II ශ්‍රී ලංකාවට හදුන්වාදීමත් තවත් එවැනි සුවිශේෂී සංධිස්ථානයක්. ඉහළ, නවීනතම අංගයන්ගෙන් සමන්විත මෙම සුපිරි SUV රථය ශ්‍රී ලංකාවේ ධාවන අත්දැකීම නව මගකට ගෙන ඒමට කටයුතු කරන බව විශ්වාසයි” යනුවෙන් කියා සිටියේය.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment