ඩොලරය ඊයේ  රු. 298.99 ට නගී

198

ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (28 දා) ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රු. 298.99 දක්වා ඉහළ ගියේය.

ඉකුත් සිකුරාදා ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 294.99 ක් වූ අතර මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 4.00 කින් ඉහළ ගියේය. එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය ද පෙරේදා (27 දා* පැවැති රු. 284.82 සිට ඊයේ (28 දා* දිනයේදී රු. 3.92 කින් වැඩි විය.

බැංකුවල දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය මේ වනවිට

රු. 300 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment