ත්‍රස්තවාදීන් පලවා හැරි සිංහල බෞද්ධ ජනතාවට අහිමි වූ ඉඩම් ලබාදීමට කිසිදු පියවරක් ගෙන නැහැ

322

1983 වසරට පෙර උතුරු – නැගෙනහිර භූමි රැකබලා ගත් සිංහල බෞද්ධ ජනතාව ත්‍රස්තවාදීන් විසින් පලවා හරිනු ලැබීමෙන් පසු ඔවුන්ගේ ඉඩම් හා දේපළ ද ඔවුන්ට අහිමි වූ බවත් මෙතෙක් සිංහල බෞද්ධ ජනතාවට අහිමි වූ ඉඩම් ලබාදීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති නිමල් බන්දු වාකිෂ්ට මහතා විසින් ත්‍රෛනිකායික මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත යවන ලද ලිපියක සඳහන් වේ.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරමින් වාකිෂ්ට මහතා මෙම ලිපිය යොමු කර ඇත.

මේ සඳහා ජාතික මට්ටමේ විරෝධතාවක් ක්‍රියාත්මක කර මෙම බලවේගයන් මැඬ පැවැත්වීම සඳහා මහා සංඝ සම්මේලනයක් පැවැත්වීමටත්, බෞද්ධ සංවිධාන එකතු කර ජනතාව පෙළගැස්වීම සඳහා ආශිර්වාදය, අනුශාසනා හා නායකත්වය බලාපොරොත්තු වන බව ද එම ලිපියෙන් මහානාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

පොලිස් බලතල හා ඉඩම් බලතල වැනි අධි සංවේදී කරුණු සම්බන්ධයෙන් මෙතෙක් රට පාලනය කළ කිසිදු ජනාධිපතිවරයෙක් පූර්ණව ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළ බව ද එවන් තත්ත්වයක් තුළ විශේෂයෙන් පොලිස් බලතල ලබාදීමෙන් රාජ්‍ය පාලනයටත්, ජාතික ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක් වන බව අතීත සිද්ධීන්වලින් ද සනාථ වන බව ද සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් මහා නාහිමිවරුනට යවන ලද ලිපියේ සඳහන් වේ.

පසුගිය ජනවාරි 28 දින පැවැත්වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විධායක සභාව විසින් මෙම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා දක්වන ලද අදහස් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට යෝජනාවක් සම්මත වූ බවත් එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය ජනවාරි 28 දින පැවැත්වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විධායක සභාව විසින් මෙම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා දක්වන ලද අදහස් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට යෝජනාවක් සම්මත වූ බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment