ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කටුක බව රිෂාඩ් කියයි

142


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දඩමීමා කරගෙන ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක නායකයකුට මෙතෙක් විදීමට සිදු නොවූ කටුක ඉරණමකට මුහුණ පෑමට තමාට සිදුවූ බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුයුදීන් මහතා පැවසීය.
ජිනීවා මාන හිමිකම් මණ්ඩලයේ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමක් හෝ එය සංශෝධනය කිරීමක් වහාම සිදු වියයුතු බවත් ඔහු කීවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව දුරටත් ක්‍රියාත්මක වීම නිසා ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි හොද ආකල්පයකින් නොබලන බවත් ජී.එස්.පී බදු සහනය පවා මේ රටට අහිමි කරවීමට මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවහල් වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment