තිදරු මවක් ‘අන්තර්ජාල ගැටෙත්’ අරන් බන්ධනාගාරයට

474

මුහුණු පොත ඔස්සේ දැන හඳුනාගෙන වෙනත් අයෙකුගේ රූපයකින් හා නමකින් බොරු වයසක්ද යොදාගනිමින් පුද්ගලයකුගෙන් මුදල් ලක්ෂ 8 කට වැඩි මුදලක් ලබාගෙන නොදුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කළාය.

රිමාන්ඞ් කරන ලද්දේ දඹුල්ල ඇඹුල්අඹේ ප‍්‍රදේශයේ පදිංචි වයස අවු. 40 ක තිදරු මවකි.

මෙම සැකකාරිය අන්තර්ජාලය ඔස්සේ වෙනත් සුරූපී තරුණියකගේ රූපයකින් හා මාතලේ ප‍්‍රදේශයේ ඉපැරණි වැදගත් වලව් නාමයකින් පෙනීසිට ඇත්තේ තම වයසද අවුරුදු 30 ක් බව හඟවමිනි. තවද ඇය මාතලේ පාසලක ගුරුවරියක ලෙස සේවයේ නියුතු බවටද හඳුන්වා දී ඇත.

මෙම පුවත ඔස්සේ ඇය සමග මාස 4 ක පමණ කාලයක් තිස්සේ පෙම් දැලෙහි පැටලී ඇත්තේ කන්තලේ අග්බෝපුර ප‍්‍රදේශයේ අවුරුදු 32 ක අවිවාහක වෙළෙඳ වයාපාරිකයෙකි.

ආශ‍්‍රය කළ මාස 4 ක කාලය තුළ දහඅට වතාවක දී අට ලක්ෂ දහසය දහස් පන්සීයක මුදලක් (8,16500/=) තම හිතවතුන්ගේ ගිණුම් 6 කින් ලබාගෙන තිබූ බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර මුදල් ලබාගත් එක් ගිණුමක හිමිකාරිත්වය ගමේ පන්සලේ හිමි නමකගේ බවද හඳුනාගෙන ඇත.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විජේසේකර මහතා ගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. පී. බී. විජේසිරි මහතා ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් ගංගොඩ, පොලිස් සැරයන්වරුන් වන පේ‍්‍රමවංශ (36556* , සම්පත් ( 10332* , කාන්තා පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න (2986*, රසිකා (9133* යන නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර තිබිණි.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment