දකුණේ පාතාලය මුහුදේ නාන්න එන විදේශිකයන්ගෙන් කප්පම් ගනී

500

දකුණු මුහුදේ දිය නෑමට එන විදෙස් සංචාරකයන්ගෙන් කප්පම් ගන්නා පාතාල කල්ලියක තොරතුරු ලැබී ඇතැයි දකුණු පළාත් භාර (අපරාධ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා “දිවයින”ට ඊයේ (24දා) පැවසීය.

මීට අමතරව විදේශිකයන්ගේ වාහන ගාල් කිරීමේදී ද මොවුන් කප්පම් ගන්නා බව අනාවරණය වී ඇත. භාණ්ඩ අලෙවි කිරීමේදී විවිධ පුද්ගලයන් විදේශිකයන් ගෙන් හිතූ හිතූ ආකාරයට මුදල් අය කරන බවද පොලිසිය කියයි.

මෙම පාතාල කල්ලි මෙන්ම විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යතුරු පැදි ඒකක ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා කීවේය. අංශ නිලධාරීන් දකුණු පළාතේ මුහුදු වෙරළට යොදවා මෙහෙයුම් දියත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළට දකුණු පළාතේ පිහිටි සියලුම පොලිස් ස්ථානවල දායකත්වය ලැබී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment