දමිතාගේ අපේක්‍ෂිත ඇපයට සී. අයි. ඩී. යේ විරෝධය

909

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ලබාගෙන වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී විරෝධතා ඉදිරිපත් කළේය.

එම විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ගොනු කරන බව දමිතා අබේරත්න යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වූ අතර එකී ප්‍රතිවිරෝධතා ලබන 20 වැනිදා ගොනු කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. මුදල් වංචාවට අදාළ නඩුව ද එදින යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment