නවසීලන්තයේ ප‍්‍රහාරය ගැන ඇමැති දිනේෂ් සොව පළ කරයි

185

නවසීලන්තයේදී 6 දෙනකුට තුවාල සිදුකරමින් ශී‍්‍ර ලාංකිකයකු විසින් එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) ශෝකය පළ කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේ පැවැසීය.

කෲර ත‍්‍රස්තවාදියකු විසින් නවසීලන්තයේදී සිදුකළ ප‍්‍රහාරය අපි හෙළා දකිනවා. ඔහු අපේ රටේ පුද්ගලයකු බව කියනවා. අපි එම කි‍්‍රයාව හෙළා දකිනවා. නවසීලන්ත රජය සහ ජනතාව සමග අපි ඒ ශෝකය බෙදා ගන්නවා. එවැනි ප‍්‍රහාරයකට ඉඩ නොතබන ලෙසත් ත‍්‍රස්තවාදයේ දරුණු බව හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරය හරහා අද යළිත් මතුවී තිබෙන බවත් ප‍්‍රකාශ කිරීමට කැමතියි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment