හදිසි නීති රෙගුලාසි සම්මතයි – පක්‍ෂව 132 විරුද්ධව 51 වැඩි ඡන්ද 81

90

හිඟයකින් තොරව අඛණ්ඩව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) වැඩි ඡුන්ද 81 කින් සම්මත විය.

ඒ අනුව ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය ඊයේ පෙරවරුවේ ආරම්භ වූ අතර විවාදය අවසානයේ පස්වරු 4.35 ට පමණ ඡුන්ද විමසීම ආරම්භ කෙරිණි.

ඒ අනුව ඊට පක්‍ෂව ඡන්ද 132 ක්ද විපක්‍ෂව ඡන්ද 51 ක්ද ලැබිණි.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් හදිසි නීති රෙගුලාසිවලට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කළ අතර විපක්‍ෂයේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළේය.

විපක්‍ෂයේ අසුන්ගෙන සිටින ඉෂාක් රහුමාන්, එම්. මුෂාරෆ් යන මන්ත‍්‍රීවරුන් හදිසි නීති රෙගුලාසිවලට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කර තිබිණි.

ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයට සිදුකෙරිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment