දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න එපා… පොදුජන අධ්‍යාපන සේවා සංගමය

190

‘‘පාසල් දරුවන්ට කරන මේ අපරාධය වහා නතර කරන්න කියලා ගුරු සංගම් වලින් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන අයට ස්වභාවධර්මයෙන් පටිසන් දෙනවාමයි…’’ යැයි ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (31 වැනිදා* පැවසුවාය.

රජය ලබාදෙන රුපියල් 5000 සේ දීමනාව ලබාගෙන දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු සිදුකරන ලෙසද ඇය සියලූම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී තවදුරටත් කතාකළ ඇය මෙසේද කියා සිටියාය.

ගුරු ත‍්‍රස්තයෝ දෙන්නා මේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්නයි හදන්නේ. මේ ත‍්‍රස්තයෝ දෙන්නා තමන්ගේ සාමාජිකයෝ 250 ක් විතර සම්බන්ධ කරගෙන වට්ස්ඇප් හරහා ගුරුවරුන්ට බලපෑම් කරනවා ඔන්ලයින් ඉගැන්වීම් කරන්න එපා කියලා. මේක මොනතරම් නීච වැඩක්ද? මේ ගොල්ලන්ට ඕන මුළු පාසල් පද්ධතියම විනාශ කරන්නයි.

මේ අය ඔන්ලයින් උගන්වන ගුරුවරියන්ගේ චරිතය ඝාතනය කරනවා. ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට බලපෑම් කරනවා.

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ජනතාවගේ බදු මුදලින් තමයි පෝෂණය වෙන්නේ. ළමයින්ට ඉගෙන ගන්න තියෙන අයිතියත් මේ අය අමු අමුවේ විනාශ කරනවා.

ගුරුවරුන්ට මම කියන්නේ මේ රජයෙන් ලබාදෙන රුපියල් පනදහසේ දීමනාවත් අරගෙන පාසල් වලට ගිහින් දරුවන්ට ඔන්ලයින් උගන්වන්න කියලයි. ගුරු ත‍්‍රස්තයෝ දෙන්නට ඕනෑ ආණ්ඩුව පෙරළන්නයි. වර්ජනය නිසා දරුවෝ අසරණ වෙලයි ඉන්නේ. ඔන්ලයින් වර්ජනය කරමින් දරුවන් අපහසුතාවට පත්කරන අය සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා දැඩි කි‍්‍රයාමාර්ගයක් ගන්න ඕනෑ. ආණ්ඩුව මීට වඩා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment