දියණියට අතවර කළැයි මාමා සහ සීයා රිමාන්ඩ්

929

වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත පල්ලෙවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම දැරියගේ මාමා සහ සීයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට අත්තනගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් දසනායක මහත්මිය පෙරේදා (25 දා) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දූෂණයට ලක්වූ දැරියගේ මවගේ වැඩිමහල් සහෝදරයා සහ දැරියගේ මවගේ පියා ය. දූෂණයට ලක්වූ දැරියගේ පියා විදේශගතව සිටී. දැරිය වැඩිමහල් සහෝදරිය සහ මව සමග පදිංචිව සිටින නිවසේම මෙම සැකකාර මාමා සහ සීයා ද පදිංචිව සිටින බව පොලිසිය කියයි. දැරියගේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම බාලවයස්කාර දියණියට සීයා ලිංගික අතවර ඇති බවත්, මාමා විසින් දැරිය දූෂණයට ලක් කර ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන් වේ. දැරියගේ මව විසින් පල්ලෙවෙල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව දැරියගේ මාමා සහ සීයා අත්අඩංගුවට ගැනිණි. මාමා සහ සීයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දැරියගේ මව වෙනත් අයකු සමඟද අනියම් සම්බන්ධතාවක් පවත්වා ගනිමින් එම තරුණයා ද නිරන්තරයෙන් මෙම නිවසට පැමිණෙන බවත් එම තරුණයා මෙම බාලවයස්කාර දැරියත් සමග සම්බන්ධයක් පවත්වන බවත් පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික සංජිව මහතාගේ

නියෝග මත සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පො.කො. (7233) කුමාර මහතා විසින් සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment