දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම: සාකච්ඡා කරන පක්‍ෂ නායක හමුව කල් යයි

189

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ යෝජනාව ලබන සෙනසුරාදා (01දා) පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (27දා) පැවැත්වීමට නියමිත වූ පක්ෂ නායක රැස්වීම ලබන සිකුරාදා (30දා) දක්වා කල් දමා ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ යෝජනාව ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුවට ගෙන එන්නේදැයි යන්න එහිදී සාකච්ඡා කිරීමය නියමිතය. ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එම යෝජනාව සම්මත කර ගැනීමේ අරමුණින් යැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරය නිමවා ඊයේ (26දා) යළි දිවයිනට පැමිණි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (28දා) කැඳවා ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ රැස්වීමට තීරණය කර තිබිණි.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment