දොස්තරලා හෙදියන් වැඩ සෞඛ්‍ය වර්ජනය අසාර්ථකයි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

287

“රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයෝ වැඩවර්ජනය කළාට වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් වැඩවර්ජනය කළේ නැහැ. ඒ නිසා වැඩවර්ජනය අසාර්ථකයි. සෞඛ්‍ය සේවාව

වැඩවර්ජනය කළ යුතු වෙලාවක් නෙවෙයි මේ වෙලාව” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය ගැනවත් සිතා කටයුතු කරන්න බැරි අඥානයෝ පිරිසක් සෞඛ්‍ය සේවාවේ හිඳිමින් කටයුතු කිරීම කනගාටුදායක බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේ ද කියා සිටියේය.

වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ 4500 කට අධික පිරිසක් ඊයේ (08 දා) දිවයින පුරා රෝහල්වල වැඩ කරනවා. මේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අය වැඩවර්ජනය කියලා පම්පෝරි ගැහුවට ඒ අයගෙන් සියයට 50 ක් විතර වැඩ. අනිත් එක ඒ සුළු පිරිසක් වැඩවර්ජනය කළාට ඒ අය කරන වැඩ කොටස හෙද නිලධාරීන් අද කළා. ඒ නිසා රෝගීන්ට ගැටලුවක් වුණේ නැහැ. මේ වැඩවර්ජනයක් කළාට රෝහල්වල වැඩ නතර වුණේ නැහැ. දැන් මේ අය ඉල්ලීම් ඉල්ලලා වැඩවර්ජන කරමින් රජයට දොස් කියනවා. මේ සුළු සේවකයෝ බඳවා ගත්තේ දේශපාලනඥයෝ. එහෙම නැතුව වෘත්තීය මට්ටමෙන් බඳවා ගත් අය නෙවෙයිනේ. ඒ ඒ දේශපාලනඥයන්ගේ මත තමයි ඒ අය ක්‍රියාත්මක කරන්නේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment