නවාල්නිගේ අවසන් කටයුතු සඳහා විශාල ජනකායක්

419

සිරගත කර සිටියදී මිය ගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ අවසන් කටයුතු පැවැත්වූ ඊයේ (01) දිනයේ අති විශාල ජනකායක් රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට එක් රොක් වීම හේතුවෙන් විශාල, පොලිස් බළකායක් නගරයේ ආරක්ෂාව සඳහා කැඳවා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

නවාල්නිගේ අවසන් කටයුතු නිමිත්තෙන් පැවැත්වෙන දේව මෙහෙය ඊයේ සවස මොස්කව් නගරයට යාබදව පිහිටි පල්ලියක පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ වුවද නවාල්නිගේ පවුලේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ නවාල්නිගේ දේහය ඊයේ සවස වන විටත් මෝචරියෙන් නිදහස් කර නොතිබූ බවයි. ආක්ටික් බන්ධනාගාරයේ සිටියදී හදිසියේ මියගිය නවාල්නි ඇවිදිමින් සිටින විට ඇද වැටී මියගොස් ඇති බව රුසියානු බලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment