නාග්පූර් ගිය සුදු අප්පච්චි

50

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ ‘සුදු අප්පච්චි’ චිත්‍රපටය පසුගියදා ඉන්දියාවේ නාග්පූර් හි විදර්භා සිනමා උළෙල නියෝජනය කළ අතර ඊට අමතරව තවත් විශේෂ දර්ශන දෙකක් නාග්පූර් හිදී පැවැත්විණ. ඉන්දු – ලංකා බෞද්ධ සංස්කෘතික හුවමාරු සංවිධානයේ අනුග්‍රහයෙන් නාග්පූර් බුද්ධ භූමි මහා විහාරයේ විහාරාධිපති සීවනී බෝධානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ එම දර්ශනයේදී අධ්‍යක්ෂ රොඩ්නි විදානපතිරණට සමරු තිළිණයක්ද පිළිගැන්වීම විශේෂත්වයකි. මේ දර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ තරුණ චිත්‍ර ශිල්පිණියක වූ චාමිනී වීරසූරිය සිය ඉන්දීය ජාතික සැමියා වූ පරිතෝෂ් සර්දාරි සමග සහභාගිවීම ද විශේෂත්වයකි.

අනෙක් දර්ශනය සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ නාග්පූර් හි යුනිවර්සල් එක්ස්පෝට් සමාගමේ සභාපති ප්‍රවීන් වන්කේඩ් සහ චිත්‍රපට අධ්‍යක්ෂ නාගේෂ් වහුවාගේ විසිනි. මේ දර්ශන දෙක සඳහාම මරාති භාෂාව කතා කරන රසිකයන් සහභාගි වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment