නැව ගැන තීරණය ජනපතිගේ චීන සංචාරයෙන් පසු

475

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් පසුව චීන පර්යේෂණ යාත්‍රාවට මෙරට වරායන්ට පැමිණීමට අවසර ලබාදීම ගැන තීරණය කෙරෙනු ඇත.

ෂියාන් 6 චීන පර්යේෂණ යාත්‍රාවේ ලංකා ගමන ගැන ඉන්දියාව, ඇමරිකාව හා ජපානය ද විරෝධය දක්වා ඇත.

මෙම යාත්‍රාව ලබන 25 වැනිදා කොළඹට පැමිණෙන බව කලින් නිවේදනය කර තිබිණි.

නමුත් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මේ චීන යාත්‍රාවට ලංකාවට පැමිණීමට මෙතෙක් අනුමැතිය ලබාදී නැති බවයි.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය මේ මස මැදදී සිදු කෙරෙන අතර එහිදී චීන ජනපතිවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment