නීති විද්‍යාල ගැසට්ටුව අදත් පාර්ලිමේන්තුවේ රැව්දෙයි

95


ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමත් සමග ස්ව භාෂාවෙන් නැවත වරක් නීති විද්‍යාලයේ කටයුතු කිරීමට ගත් තීරණය තවමත් ක්‍රියාත්මකව නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පාර්ලිමේන්තුවේදී අදාල ගැසට් නිවේදනය පරාජයට පත් කර සති දෙකක් ගතවී ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක කිරීමට අදාල නිවේදනය නීති විද්‍යාලයට නිකුත් කිරීමට අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර නොගැනීම පාර්ලිමේන්තු තීරණ කඩ කිරීමක් බවත් සඳහන් කළේය.එසේම අද නීති විද්‍යාලයේ නිවාඩු දීමෙන් පසු යළි ආරම්භ වන්නේ අප්‍රේල් 24දා බවත් එදින නීති විද්‍යාලයේ විභාගය පැවැත්වෙන දිනය බවත් කීවේය.එබැවින් නීති විද්‍යාලයේ ස්ව භාෂාවෙන් ඉගෙනුම ලබන සිසුන් අපහසුතාවයට පත්වන බවද කීවේය.එනිසා වහාම මේ සම්බන්ධව පියවර ගන්නා ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.පාර්ලිමේන්තුවේදී ගත් නීරණයක් අධිකරණ ඇමැතිවරයා නොසලකා හැර ඇතැයි ද පැවසීය. මේ සම්බන්ධව අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා කීවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධව නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම වරප්‍රසාද කමිටුව හමුවට කැඳාවන ලෙසය.සභානායක සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙහිදී පැවසූවේ අද දිනය ඇතුළත මේ සම්බන්ධව පිළිතුරක් ලබා දෙන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment