පරිපාලන සේවයේ 40ක් ගෙදර යනවිට ඒ තනතුරට 200ක් බලා සිටිනවා – පරිපාලන සේවා සංගමයේ සභාපති

136

“ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 40 දෙනකු අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යන විට එම තනතුරට ඒමට 200 ක් පමණ බලා සිටිනවා” යැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති පදුල රෝහණ මහතා පැවසීය.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා 2400 ක් පමණ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකත්වය ලබාගෙන සිටින බවත් අවුරුදු 60 න් උසස් නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසු රාජ්‍ය සේවය කඩා නොවැටෙන අතර විශ්‍රාම යන නිලධාරියා තමා විශ්‍රාම යන විට පිටුපසින් සිටින නිලධාරියා තමාගේ තැනට ගෙන ඒමට පුහුණුව ඇතුළු අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවත් රෝහණ මහතා කියා සිටියේය.

උසස් රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසු රාජ්‍ය සේවය කඩා වැටෙන බවට ගෙන යන මතය වැරදි බවත්, විශ්‍රාම යෑමේ වයස සම්පූර්ණ වූ පසු තවදුරටත් ඔවුන් එම තනතුරේම තබා ගැනීමෙන් නවීන තාක්ෂණ දැනුම සහිත වැඩක් කළ හැකි තරුණ පිරිසට එම තනතුරුවලට පැමිණීමට නොහැකි වන බවත් රෝහණ මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment