පලා යමින් සිටි ඝාතකයෙක් අත්අඩංගුවට

334

මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර පළාගොස් සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ඊයේ (23) මත්තේගොඩ පාරේ දී මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති 54 හැවිරිදි ගල්වල පාර, මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මිරිහාන ගල්වල පාර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබුණි.පොලීසිය පැවසුවේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම පිහිඇනුම සිදුකර ඇති බවය.සිද්ධියෙන් මියගියේ සජිත් මධුසංක නම් 34 හැවිරිදි තරුණයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment