ප්‍රතිඵල වෙනස් වූ 146 දෙනා කඩඉමට වැඩිනම් ජනප්‍රිය පාසල්

217

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයේදී කඩඉම් ලකුණු අබිබවා ඇති සිසුන් 146 දෙනා ජනප්‍රිය පාසල්වලට අවශ්‍ය ලකුණු ප්‍රමාණය සපුරා ඇත්නම් එම සිසුන් බඳවා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

ශිෂ්‍ය ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු, දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් ඉල්ලුම් කර තිබිණි.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්‍ෂණය පරීක්‍ෂකවරුන් දෙදෙනකු විසින් සිදුකර ඇත. ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අනුව මේ වනවිටත් සමත්ව සිටි සිසුන් පාසල්වලට ඇතුළත් කරගෙන සිටින අතර එම සීමාවන් නොසලකා ජනප්‍රිය පාසලකට ඇතුළත්වීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය නැවත සමීක්‍ෂණයෙන් ලබාගෙන සිටීනම් එම සිසුන් එම පාසල්වලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment