ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල DFCC බැංකුවේ අනුග්‍රාහකත්වයෙන්

85
ඡායාරූපය (වමේ සිට): WCIC ප්‍රතිභාභිෂේක සම සභාපතිනි/ WCIC පාලක මණ්ඩල සාමාජිකා තුසිතා කුමාරකුලසිංහම්, WCIC ප්‍රතිභාභිෂේක සම සභාපතිනි රමණි පොන්නම්බලම්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, GeneLabs Pvt Ltd හි වෛද්‍ය චන්දනමාලි පුංචිහේවා සහ WCIC සභාපතිනි අනෝජි ද සිල්වා යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙති.

DFCC බැංකුවේ අනුග්‍රාහකත්වය සමගින් 2022 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය හා පුරෝගාමී බැංකුවක් වන DFCC බැංකුව මෙවරත් WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ සුවිශේෂී අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේය.

ව්‍යවසායිකාවන් විසින් ව්‍යාපාර ක්ෂේත්‍රයට දක්වන ලද විශිෂ්ට දායකත්වයන් ඇගයීමේ අරමුණින් මෙම සම්මාන උළෙල, සංවිධානය කරන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, උත්සවයේ අවසන් සම්මානය සහ 2022 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව සම්මානය Genelabs Medical (පුද්.) සමාගමේ සභාපතිනිය වන වෛද්‍ය චන්දනමාලි පුංචිහේවා මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි. මෙම සම්මාන උළෙලේ මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ රන් සම්මානය සහ බස්නාහිර පළාත සඳහා වූ රන් සම්මානය මෙන්ම ප්‍රජාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර සඳහා විශේෂ ඇගයීමක්ද වෛද්‍ය පුංචිහේවා මහත්මිය වෙත හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment