පොත්පත් පුවත්

142

වණ්ණම් විනිස

පොත්පත් පුවත්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් තවත් කෘතියක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත නවතම පර්යේෂණ ග්‍රන්ථය “වණ්ණම් විනිස” එස්. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වී ඇත.

උඩරට, පහතරට, සබරගමු වණ්ණම් මෙන්ම රජරට වණ්ණම් සම්ප්‍රදායන් පිළිබඳ හැඳින්වීමක් සහිතව වණ්ණම් සාහිත්‍යය, වණ්ණම් සංගීතය ඇතුළු තවත් මාතෘකා කීපයක් ඔස්සේ යමින් රචිත මෙම කෘතිය රචනා කිරීමේදී පරිශීලනය කරන ලද ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය හා ඡායාරූප එකතුවකින් ද මෙම කෘතිය සමන්විතය. වණ්ණමෙහි දෙමළ මූලාශ්‍රය සහ සිංහල වණ්ණම් කලාව ගැන පුළුල් විමර්ශනයකින් අනතුරුව රචනා කොට ඇති මෙම කෘතිය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංගීත පර්යේෂණ මාලාවේ සුවිශේෂී ග්‍රන්ථයකි.

‘ද්‍රෝහී’

කැත්ලීන් ජයවර්ධනගේ අලුත් නවකතාව’

පොත්පත් පුවත්

‘ද්‍රෝහී’ නවකතාවේ කේන්ද්‍රීය චරිත වන්නේ දැඩි ශික්ෂණයකින් හා ආගම,භක්තියකින් යුතු තරුරෑයක් හා ඇගේ ජීවිතයට හදිසි උල්කාපාතයක් මෙන් කඩාපාත් වන නිර්ආගමික තරුණයෙකි. ලෝකයේ මෙතෙක් පැවැති පිළිගැනීම්, නීති පද්ධති මෙන් ම සාම්ප්‍රදායික පරමාදර්ශ ද උඩුයටිකුරු වියයුතු යැයි අදහන මේ අසාමාන්‍ය තරුණයාගේ දර්ශනය කෙරෙහි ආසක්ත වීම තරුණියගේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කරන්නේ ඇගේ විවාහක සැමියා ප්‍රබල දේශපාලනඥයකුගේ එකම පුත්‍රයා වීම හේතුවෙනි. සටන් ව්‍යාපාරවලින් මෙන් ම උප්පරවැට්ටි, පාවාදීම් හා ද්‍රෝහීකම්වලින් ද පිරුණ ලෝකයක සැබෑ ද්‍රෝහියා පිළිබඳ ඉගියක් තරුණයාට සැපයෙන්නේ පොතේ කූටප්‍රාප්තියේදී ය. සරසවි ප්‍රකාශනයක් වන ‘ද්‍රෝහී’ කැත්ලීන් ජයවර්ධනගේ විසිවන වන නවකතාවයි.

පොත්පත් පුවත්

ගෑනු හිටියෙම හිනාවීගෙන

කලක් තිස්සේ මුහුණු පොත මත සිය ප්‍රතිභාව සටහන් කළ රසිකා මුහන්දිරම්ගෙ විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘ගෑනු හිටියෙම හිනාවීගෙන’ ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය. රුහුණ ජාතික අධ්‍යාපන පීඨයේ කථිකාචාර්යවරියක වන රසිකා මුහන්දිරම්ගේ සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය තුළින්ම කවිමග බොහෝදුර යා හැකි කිවිඳියක් ලෙස ‘කොළ’ එළි දක්වා ඇත. ඇගේ කවියේ විශේෂත්වයක් වන්නේ ස්ත්‍රී ආත්මයේ අඳුරු අහුමුළු හෙළි පෙහෙළි කිරීම පිණිස ස්ත්‍රියක් ලෙස ඇය නිර්භීත වී ඇති ආකාරයය.

බින්දුමතියට FM අභය හමුවෙයි

ප්‍රදීප් බමුණුසිංහ විසින් රචිත “බින්දුමතියට FM අභය හමුවෙයි” කාව්‍ය සංග්‍රහය යනු එහි නාමකරණයේ සිටම වෙනස් ආරක් යටතේ රචිත කාව්‍ය සංග්‍රහයකි. කාව්‍ය නිර්මාණ 36 ක් ඇතුළත් මෙම කෘතිය පරිශීලනයේදී මැනවින් පැහැදිලි වන්නේ තේමාවන් මෙන්ම කවි බස හැසිරවීම ආදියේදී කවියා විසින් ඔහුටම ආවේණික වූ මාවතක් පාදා මතුකර ගැනීම පිණිස සාර්ථක උත්සාහයක් ගෙන ඇති ආකාරයකි.

පොත්පත් පුවත්

පොත්පත් පුවත්

හරි වැරැද්ද 02 – යසවර්ධන රුද්රිගු

සිංහල භාෂාව නිවැරදිව ව්‍යවහාර කිරීමට මග පෙන්වන කෘතියකි. කර්තෘ 2021 වසරේදී ‘හරි වැරැද්ද’ යනුවෙන් ග්‍රන්ථක් එළිදක්වන ලදි. එය කියවූ පාඨකයන්ගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ‘හරි වැරැද්ද-02’ ග්‍රන්ථය මුද්‍රණයෙන් එළිදක්වා ඇත. මෙම කෘතිය සිංහල භාෂාව කෙරෙහි උනන්දුවක් දක්වන ලොකු කුඩා සැමට එකසේ වැදගත් වන කෘතියකි. මෙහි දකින්න ලැබෙන විශේෂත්වය නම් වැරදි වාක්‍ය ඛාණ්ඩ සහ වචන උදාහරණ සහිතව පෙන්වා දෙමින් නිවැරදි ව්‍යාකරණ රීති අනුව ලියන කියන හැටි මෙම ග්‍රන්ථය තුළින් පෙන්වාදී තිබීමය.

දුරුතු සඳඑළිය යට

පොත්පත් පුවත්

ප්‍රවීණ කවියකු, ලේඛකයකු මෙන්ම ජනමාධයවේදියකු වන තිස්ස නිහාල් වික්‍රමසිංහ විසින් රචි සයවන කාව්‍ය සංග්‍රහය “දුරුතු සඳඑළිය යට” මුද්‍රණයෙන් එළිදක්වා ඇත. දශක කීපයක් පුරා සාහිත්‍ය ශානරයන් කීපයක් ඇසුරු කර ගනිමින් නිර්මාණ කරණයේ නිරත තිස්ස නිහාල් වික්‍රමසිංහ සිය කුළුදුල් කාව්‍ය සංග්‍රහය වූ “කඳුළු පොකුණේ වැන්දඹුව” එළිදක්වනු ලැබුවේ 1991 වසරේදීය. එතැන් සිට මේ දක්වා නිර්මාණ කරණයේ නිරත ඔහුගේ අභිනව කාව්‍ය සංග්‍රහය එකිනෙකට වෙනස් අනුභූතින් ඇසුරින් රචිත කාව්‍ය නිර්මාණ 75 ක් පමණ ඇතුළත්ව ඇත.

කවි බස මෙන්ම ඒ සඳහා පාදක කර ගන්න සමාජ සංසිද්ධීන් ආදියෙන් ද පාඨකයාව අලුත් මානයකට රැගෙන යෑමට සමත් නිර්මාණ බොහෝමයක් “දුරුතු සඳ එළිය යට” කෘතියට ඇතුළත් කොට ඇත. කඩුල්ල ප්‍රකාශනයකි.

පොත්පත් පුවත්

සසලගිර

ගයාදාස පරණවිතාන විසින් රචිත දෙවැනි නවකතාව ‘සසලගිර” මුද්‍රණයෙන් නිකුත් වී ඇත. 2017 අප්‍රේල් 14 වැනිදා නායයෑමට ලක්වූ මීතොටමුල්ල කුණු කන්ද පාමුල ඉදිවූ පැල්පත්වල වාසය කළ කුණු කන්දෙන් යැපුණු තරුණයන් කීපදෙනකු පිළිබඳ අනුවේදනීය කතා පුවත මෙහි අන්තර්ගතය වෙයි. කුණු කන්ද ආශ්‍රිත රැකියා අහිමිවීමෙන් අයාලේ ගිය තරුණයෝ මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙති. කතුවරයා සත්‍ය සිද්ධි ඇසුරින් ස්වකීය පරිකල්පනයෙන් නිර්මිත කතා පුවත සිත් ගන්නා සුළුය.

ඇගේ ප්‍රේම නගරය

පොත්පත් පුවත්

ප්‍රවීණ ලේඛක වින්ටන් කුරේ විසින් සිංහලට පරිවර්තනය කරන ලද රුසියානු කෙටිකතා එකතුවක් ලෙස ‘ඇගේ ප්‍රේම නගරය’ පාඨකයන් අතට පත්කර ඇත. ‘රුසියාව’ ප්‍රකාශනයක් වන මෙහි සෝවියට් දේශයේ සහ රුසියානු කෙටිකතා කීපයක් අන්තර්ගතව ඇත. මෙම කෙටිකතා කීපය පරිවර්තනය කිරීමේදී සිංහල පාඨක ප්‍රජාවට හොඳින් ග්‍රහණය කළ හැකි බස් වහරක් භාවිතා කර තිබීම මෙම කෘතිය පුරා දකින්නට ලැබෙන විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැක. මින් පෙරද පද්‍ය සංග්‍රහයන් දෙකක් පළකරමින් සිය නිර්මාණාත්මක හැකියාව ප්‍රදර්ශනය කර තිබෙන වින්ටන් කුරේ විසින් පුවත්පත්, සඟරා ආදිය තුළින් සිය ලේඛනත්වය මනාව ප්‍රදර්ශනය කරන ලද ලේඛකයෙක් ලෙසද නමක් දිනාගත් අයෙක්ය.

මැටිල්ඩාගේ වීර චාරිකාව

ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන්ම ග්‍රන්ථ පරිවර්තිකාවක් වන නිශානි දිසානායක විසින් පරිවර්තනය කරන ලද නවතම කෘතිය “මැටිල්ඩාගේ වීර චාරිකාව” (THE MATILDA EFECT) මුද්‍රණයෙන් නිකුත් වී ඇත. මෙය ඇගේ විසිදෙවැනි පරිවර්තනයයි.

පොත්පත් පුවත්

පහන් ප්‍රකාශනයක් ලෙස එළිදක්වා ඇති මෙම කෘතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී පහන් ප්‍රකාශන අලෙවි කුටියෙන් මිලදී, ගත හැක.

උතුරුකරේ නිලනොලත් දිසාපති හාමුදුරුවන්ගේ සත්‍ය කතාව එළිදකී…

පොත්පත් පුවත්

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියකු මෙන්ම සමාජ සේවා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ලැබූ පන්නිපිටිය ශ්‍රී රාහුල විහාරස්ථානාධිපති වරාපිටියේ රාහුල හිමි සිය ශාසනික හා වෘත්තීය ජීවිතයේ අත්දැකීම් අනුසාරයෙන් ලියූ ‘උතුරුකරේ නිලනොලත් දිසාපති හාමුදුරුවන්ගේ සත්‍ය කතාව” ජනගත කිරීමේ උත්සවය 26 වැනි අඟහරුවාදා හවස 2. 00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ගිහි පැවිදි ප්‍රභූන් රැසක් ආරාධිතයන් ලෙස සහභාගි වන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ රාහුල හිමියෝ වව්නියාව කච්චේරියේ සේවය කරන සමයේ වව්නියාව මහා දිසාපතිනිය ලෙස සේවය කළ කීර්තිමත් පරිපාලන නිලධාරිනියක වූ, වත්මන් උතුරේ ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මැතිනියයි. ශාසනික දිවියේ මෙන්ම රාජ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් වෙනුවෙන් සටන් කරමින් මහජන සේවය සඳහා ඇපකැප වූ වරාපිටියේ රාහුල හිමියෝ ගුරු වෘත්තියෙන් එපිට රාජ්‍ය සේවයට ප්‍රවේශ වූ ලංකාවේ ප්‍රථම හා එකම භික්ෂූන් වහන්සේ ලෙසත්, වාහන පදවන්නට රියැදුරු බලපත්‍රයක් ලබා ගත් මුල්ම භික්ෂූන් වහණ්සේ ලෙසත් රජයේ පරිපාලන සේවා විභාගය ලියන්නට සටන් කළ එකම භික්ෂූන් වහන්සේ ලෙසත් සටන්කාමී අත්දැකීම් රැසකට උරුමකම් කියති. භික්ෂූත්වය, නිලධාරිවාදය, රාජ්‍ය සේවය හා මේ රටේ සමාජසේවා ක්‍ෂේත්‍ර පිළිබඳ විවේචනාත්මකව සාකච්ඡා කරන මෙම ග්‍රන්ථය ඔස්සේ වරාපිටිය රාහුල හිමියන්ගේ ජීවන තොරතුරු හෙළි කරන සමීප රූපයක් ලෙස ද පිළිගත හැක.

පොත්පත් පුවත්

යශෝධාරා

සම්මානනීය ලේඛිකා යමුනා මාලනී පෙරේරාගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘යශෝධාරා’ සරසවි ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වී ඇත. කාව්‍ය නිර්මාණ 63 ක් පමණ ඇතුළත් එහි සෑම නිර්මාණයක්ම දෘෂ්ඨිමය හා පරිකල්පනය වශයෙන් බෙහෙවින් උසස් නිර්මාණයන්ය. රාජ්‍ය සම්මානලාභී කිවිඳියක ලෙස ‘යශෝධාරා’ තුළින් ඇය පෙන්වාදීමට උත්සාහ දරා ඇත්තේ කවිය යනු යන් දර්ශනයනක් අනුව යමින් සිදුකරන ව්‍යායාමයක ප්‍රතිපලයක් බව පාඨක විචාරක ප්‍රජාව හමුවේ පෙන්වා දීම පිණිසය. මෙහි එන බොහෝ පරිකල්පනයන් ධම්මපදයේ සාර පදරුක් ආශ්‍රීත නිර්මාණයන්ය.

මාස්ටර් බෲස්ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මග

පොත්පත් පුවත්

මුලාශ්‍ර මත පදනම්ව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න විසින් රචිත ‘මාස්ටර් බෲස්ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මඟ’ කෘතිය තුළින් බෲස්ලීගේ සටන් කලාව මෙන්ම ඔහුගේ දර්ශනය පිළිබඳව මනා වැටහීමක් ලබාගත හැක.

සැබෑ මිනිස්කම්වලින් පිරී සටන්කරුවෙකු බිහි කිරීමට චීනයේ ඇති මහායානා දහම, තාඕ දහම ආදී දර්ශනයන් මහත්සේ ඉවහල් වූ ආකාරයත් ඒ යටතේ සටන්කරුවෙකුට කායිකව මෙන්ම අධ්‍යාත්මිකව ලැබෙන සත්තියත් වැදගත් වූ ආකාරය පිළිබඳවත් මෙම කෘතිය තුළින් මනා ලෙස විවරණය කර ඇත. ථේරවාදී බුදුදහමේ විදර්ශනා භාවනාව බෲස්ලී යොමු වූ ආකාරයත් එය සිදුවූවේ කෙසේද යන්න පිළිබඳවත් මෙම කෘතියෙන් වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

කුලාන් ඔෂිරෝ සහ සේද

පොත්පත් පුවත්

දමයන්ති ගල්පායගේ විසින් රචිත නවකතාවකි. ‘කුලාන් ඔෂිරෝ සහ සේද’ නවකතාවට ජපානය පසුබිම් කර ගනිමින් රචනා කොට ඇත. ජපානයේ ශිරකාවාගෝ ගම්මානය බලා ගිය ශ්‍රී ලාංකික තරුණියක් වටා මෙම කතාව ගෙතී ඇත. සරසවි අධ්‍යාපන ව්‍යාපෘතියක් සඳහා ශිරකාවාගෝ ගම්මානය බලා යන ශ්‍රී ලාංකික තරුණිය එහිදී මුහුණ දුන් අත්දැකීම් සහ සිදුවීම් අනුවේදනීය අයුරින් මෙම නවකතාව තුළින් මතුපිටට රැගෙන ඒමට කතුවරිය සමත් වී ඇත. සූරිය ප්‍රකාශනයක් ලෙස එළිදක්වා ඇති මෙම කෘතිය පාඨක විචාරක අවධානයට ලක්විය යුතු කෘතියක් ලෙස සඳහන් කළ හැක.

advertistmentadvertistment
advertistmentadvertistment