පොහොට්ටුව ගෙයින් ගෙට යයි: පළමු පියවර තංගල්ලෙන් – ජාතික සංවිධායක නාමල් කියයි

252

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට පැවසීය.

ඒ අනුව ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් එහි පළමු පියවර තංගල්ල ආසනයෙන් ආරම්භ කළ බවත් පැවසූ ඒ මහතා, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය, මහ මැතිවරණය ඇතුළු ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් ශක්තිමත් කරන බවත් කීවේය.

දැනට පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රිවරුන් පිරිසක් නියෝජනය කරන පක්ෂය වන්නේ තම පක්ෂය බවත් එය ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන බවත් නාමල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment