බද්දට එරෙහිව විනිසුරන් ඉල්ලූ තහනම දිගු කරයි

119

රජය විසින් මෑතකදී හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට අනුගතව රුපියල් ලක්‍ෂයකට අධික වැටුප් ලබන වෘත්තීයවේදීන්ගේ වැටුප්වලින් වැටුප අනුව බදු අයකර ගැනීම යටතේ අධිකරණ විනිසුරුවරුන්ගේ බදු අයකර ගැනීම අත්හිටුවමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන 16 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (09දා) නියෝග කළේය.

අධිකරණ විනිසුරුවරුන්, කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් ඇතුළු පාර්ශ්ව තුනක් ගොනු කර ඇති එම රිට් ආඥා පෙත්සම්වලට අතරමැදි පාර්ශ්ව ලෙස මැදිහත්වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ගොනු කර ඇති අතරමැදි පාර්ශ්වකරුවන්ට ඒ සඳහා අවසර ලබාදෙන්නේ ද නැති ද යන නියෝගය ද එදින නිකුත් කිරීමට ද අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන විනිසුරු මඬුල්ල එහිදී තීරණය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment